Monday, April 12, 2010

09 සත්සමුදුර..

සත් සමුදුර.. මගේ ප්‍රථම සිනමා ආවර්ජනය..!!!

චිත්‍රපටය ආරම්භ විය..මම මහත්සේ විශ්මයාර්තයෙන් යුක්ත ව ඊට ආලෝලනය වීමි. අතරින් පතර චිත්‍රපටයේ විවිධ ජවනිකා මගේ මනස පුරා විහිදී පැතිරී යයි. නමුත් ඒවා සංස්කරණය කර එකට පෙළ ගස්වන්නට අද රවීන්ද්‍ර ගුරුගේ නම් මා හිත මිත්‍ර, විශ්වකර්ම සංස්කාරකවරයාටවත් බැරි ය. පසු කාලීන ව වාර හත අටක් ම සත් සමුදුර චිත්‍රපටය නරඹා ඈති නමුදු, එදා සිතේ ඈඳුනු රූප අද මගේ සිතේ නො ඈඳෙන්නේ එය මසිත ඈඳුනු ගුහා චිත්‍රයක් සේ ම තැන්පත් ව ඈති බැවිනි. මන්ද වසර 43කටත් පෙර දුටු රූප, කාලය විසින් අකා මකා දමා ඒ මතින් තවත් දහසක් දේ රී රයිට් කර ඈති බැවිනි.. නමුත් අතරින් පතර සිද්ධි සමුදායන් මගේ සිතට පිවිසෙයි..අදත් දෑස පියාගෙන මොහොතක් වර්ථමානයෙන් මිදුණු විට මට සත් සමුදුර චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් ම යළි මසිත පුරා දැවැන්ත ව ඉතිරී පැතිරී යයි. ඉන් මා සිත වඩාත් ම බැඳී ඈත්තේ තේමා ගීතය හා බැඳුණු දෙනවක හාමිනේ සහ සිරිල් වික්‍රමගේ නම් වූ සුවිශේෂී චරිතාංග නළුවා රඟන රූප රාමු ​පෙලයි.

ගල් කුට්ටි මතින් වැටෙමින් රූටමින්, මුහුදු දියේ තෙමෙමින්, වැහි බීරමේ කඳුළු වැස්සට තෙමෙමින්, චිමිනි ලාම්පුවක් ද ඔසවාගෙන ඈය සිය පුතා සොයන දර්ශනය ද, පුත්‍රයා ලෙසින් රඟන සිරිල් වික්‍රමගේ මුහුදු දිය හා පොර බදමින් ගොඩ බිමට එන්නට දරන උත්සාහය ද, ඒ හා සමග මහගම සේකරයන් පද රචනා කළ, සෝමදාස ඈල්විටිගල සංගීතඥයා විසින් සංගීතවත් කළ, විශාරද අමරදේවයන් ගයන...."සිනිඳු සුදු මුතු තලාවේ........පිපෙන පෙන පිඬු සිනාසේ.." යන සිංහල සිනමාවේ දිග ම තේමා ගීතය ද, මගේ ඈට මිදුළු තුළට ම කිඳා බැස ඈත්තේ යැයි මට සිතේ.


චිත්‍රපටය තිරය මත දිග හැරෙද්දී මම පුටුවේ ඉදිරි දාරය මත වාඩිවී හිස, කොන්ද කෙලින් තබාගෙන ඊට සමවැදී සිටියෙමි. අතරින් පතර මට පාලිතගේ චුරු චුරුවද ශ්‍රවනය විය.."තාත්තෙ මට චූ බරයි.." එවිට තාත්තා ඔහු ද ඔසවාගෙන ශාලාවෙන් පිටතට යයි. ටිකකින් යළි පැමිණෙයි...තව පැය කාලක් පමණ ගෙවෙන විට" තාත්තෙ මට බඩ ගිනියි.." කියනු ඈසෙයි. තාත්තා යළි මල්ලීද ඔසවාගෙන එළියට යයි. තවත් ටිකකින් "තාත්තෙ මට කක්ක බරයි" කියනු ඈසෙයි.. මුලු චිත්‍රපටය අවසන් වන තෙක් ම අඩු ම වශයෙන් දහ පාරක්වත් තාත්තා පාලිත මල්ලී ද ඔසවා ගෙන එළියට යන්නට ඈති. අපි චිත්‍රපටය බැලුවත්, තාත්තාට සත් සමුදුරු චිත්‍රපටය බලන්නට නොලැබුණු බව මට සක් සුදක් සේ සහතික ය.

මා මිය ගොස් වසර දහස් ගණනකට පසු, බිම හාරද්දී හමුවන ඈට කැබිලිත්ත කාගේදැයි සොයන්නට කිසිවෙක් ඩීඑන්ඒ පරීක්ෂණයක් කළොත්, මේ කවුදැයි සොයා ගන්නට නොහැකි උවත්, මේ ඈට කැබැල්ල හිමි පුද්ගලයා සත්සමුදුර චිත්‍රපට ගීයට කොයි තරම් ඈලුම් කළ එකෙකුදැයි යන්න පමණක් සොයා ගනු ඈති. අමරදේවයන්ට, මහගම සේකරයන්ට සහ සත් සමුදුර චිත්‍රපටයට මම එතරම් ම ආදරය කළ නිසාවෙනි.

Share/Bookmark

12 comments:

  1. සත් සමුදුර සිනමාපටය නරඹා නැති උනත් එහි අධ්‍යක්ෂක සිරි ගුණසිංහ මහතා මම කැමතිම කවියෙක්. එතුමාගේ නිර්මාණ වලට මම බෙහෙවින් ඇලුම් කරනවා.
    මෙවන් සටහන් කියවන්නට ලැබීම ඉමහත් සතුටක්.

    ReplyDelete
  2. සිහිනෙන් ගෑ සුවඳ රැගත් අතීතයේ සිවුමංසල...

    ReplyDelete
  3. සිතට දැනෙන දේ මගේ රෝමකූප හරහා පිටවේ.

    ReplyDelete
  4. සත් සමුදුර සිරි ගුණසිංහ 1967
    මමත් පුංචි කාලේ අපේ තාත්තා අපි තුන්දෙනාවයි අම්මයි අපි කවුරුත් එක්ක යවන චිත්‍රපටි බලන්න. හැබැයි එහෙකවත් නම් මතක නැහැ. හැබැයි කාපු බීපුව නම් හොඳට මතකයි.

    මම සත්සමුදුර බලල තියනව ටීවි එකේ. කම්මැලි නිසා බාගෙට තමයි බැලුවෙ. හැබැයි ගීතය නම් මතකයි.

    ReplyDelete
  5. ලස්සන සිතුවිලි පෙලක් මැවුනා කතාව කියවගන යද්දි.

    ReplyDelete
  6. චිත්‍රපටය කොයි තරම් හිතට ඇල්ලුවද කියනවනම් ආවෙ කොහොමද කියලවත් මතක නැහැනෙ..!!

    ReplyDelete
  7. පුදුම ආසාවක් දැනෙනවා මේක කියවගෙන යද්දි. ඔබ වගේ කෙනෙක් බ්ලොග් කරනයේ යෙදීම සතුටට කාරනයක්. ඉඩ ලද විගස ඉතිරි ටිකත් ලියන්න.

    ReplyDelete
  8. මම මොකක්ද කියන්නෙ.. සත් සමුදුරත් පරම්පරා ගානක් විදින චිත්‍රපටයක්... ඒ කාලෙ අපි ඉපදිලාවත් නෑ... එත් අපි ඒකට කොච්චර ලැදිද?

    ReplyDelete
  9. රසවත් ආකාරයකට පෙළ ගස්වන මේ සටහන් හරිම ජීවමානයි.බොහෝ තැන් හරිම සන්වේදීයි.
    ඔබ ලියූ සටහන් කියව්ද්දී යළිත් යමක් ලිවිය යුතු යැයි සිතුනි.පටන් ගෙන අහවර නොකළ තැනකින් එය කළ හැකිය.
    ස්තූතියි.
    'නාන කාමරය' කියන සටහන වැඩ කරන්නේ නැත්තේ ඇයිද?එය ක්ලික් කළාට වැඩ කරන්නෙ නැත.

    ReplyDelete
  10. Maa ''Sath samudura'' naramba nothibunath. Ee giithayata mahath see alum karami.
    Maa usas pela hadarana kaalayee Siri Gunasinghe yange kavi mahath see rasa vinda atha. Ethuma sadaa jeevamaanaya.

    ReplyDelete
  11. සත්සමුදුර ෆිල්ම් එක කොයි ලෝකෙන් හරි හොයාගෙන බලනවා කියලා කලින් වතාවේ කියවනකොට හිතා ගත්තා . . ඒත් තාමත් බැරිඋනා.

    ReplyDelete
  12. අමරදේවයන්ට, මහගම සේකරයන්ට සහ සත් සමුදුර චිත්‍රපටයට මම එතරම් ම ආදරය කළ නිසාවෙනි....එතකොට සිරි ගුණසිංහයන් ... ??? :-)

    ReplyDelete