Thursday, August 5, 2010

11. දවස් ගෙවී ගිය ඉක්මණ...!!




එතැන් පටන් අප ජීවිත ගෙවී ගියේ කිසිදු සුවිශේෂී සිද්ධි දාමයකින් තොරව යැයි මට සිතේ. අම්මා සිරිත් පරිදි අප සමග පාසල් යන්නී ය. තාත්තා අලුයම නැගිට බයිසිකලයද රැගෙන ගෙදරින් පිටත් ව යන්නේ ය. ඒ පත්තර විකුණන්නට ය. ඉන් පසු හැන්දෑ ජාමේ අප සියලු දෙනා ම සිරිත් පරිදි එකට හමු වන්නේ ය. ඒ කාලය නිකම්ම ගෙවී යන්නට ඈත.

තාත්තාට තිබුණේ රැලේ වර්ගයේ කළු පාට බයිසිකලයකි. මෙහි හැඬලය සවි වන පොල්ලේ ද, පිටුපස මඩ කවරය කෙළවර ද, දිලිසෙන මෙරූන් පාට ඉලිප්සයක් තුළ ආඩම්බරකාර මොණරෙකුගේ රූපයක් සහිත ලාංඡනයකින් විරාජමාන වූ ඒ බයිසිකල් රාජයා අදත් ජරා ජීර්ණ ව වුව ද තවමත් ලොකු නංගිලාගේ අතුරුගිරියේ නිවසේ බිත්තියකට බර දී ගිමන් නිවමින් සිටියි. අප රකින්නට තාත්තා ද සමග මේ බයිසිකල් රාජයා මොන තරම් දුරක් යන්නට ඈත්දැයි මට නම් සිතා ගන්නටවත් නොහැකි ය. ඒ අපේ පවුලේ මඇත්තෙකු හා සමානයැයි මට සිතෙයි. පසු කාලීන ව, ගෙනා අලුත තරම් ආටෝපයක් නොතිබුණ ද, බොහෝ කලක් ම මේ බයිසිකලයා අප සමග නිරන්තරයෙන් ම ගැවුසුණේ ය.

ඉඳහිට නිවාඩු දවස්වල තාත්තා අප තුන් දෙනාව ම රැගෙන බයිසිකලයේ තබා ගෙන පොළට යයි. හැම විට ම තුන් දෙනා ගැන පමණක් කියන්නේ ලොකු නංගී රේණුකා මේ වන විට එක් අවුරුදු පමණ වියේ සිඟිත්තියක වූ නිසා සහ පොඩි නංගී මේනකා අත දරුවකු වූ නිසා ය. පොලට ගිය විට තාත්තා පොල් තේරෑ හැටිනම් මට හොඳට මතක ය. පළමුවෙන් තාත්තා පොල් ගෙඩිය ගෙන එහි මුඩ්ඩ පාමුල පාදා බලයි. ඉන් පසු ​තවත් ගෙඩියක් ගෙන දෙක එකට හප්පයි. ඊට පසු එක් ගෙඩියක් ගෙන කන ළඟට ඔසවා සොලවයි. "පොලේ අඬන සද්දේ" හොඳනම් එය පැත්තකින් තබා ගනියි.

පසු කලෙක මා ද පොල් ගෙනෙන්නට කඩේ ගිය විට මේ ක්‍රියාදාමය ම කරන්නේ එය සංසාර පුරුද්දක් මෙන් මට තාත්තාගෙන් උරුම ව ඈති නිසා වෙන්නට පුලුවන.

මෙසේ ගෙවී ගිය මුලු කාල වකවානුවේ ම අපට සිංහල අවුරුද්ද වැනි උත්සවාකාර දිනයක් විශේෂයෙන් මතක නැත්තේ ඈයි දැයි මම අදත් කල්පනා කර බලමි. ඈත්තෙන් ම එකල් හි අපට හැමදා ම අවුරුදු තිබෙන්නට ඈත. අතරින් පතර, පොසොන් උත්සව පිළිබඳ සැණෙලි මතකයක් මගේ සිත පුරා ඈඳෙයි. අම්පාර පැත්තේ අයට වෙසක් එකටත් වඩා වැදගත් උත්සවයක් වූයේ පොසොන් උත්සවයයි. හැම තැන ම තොරණ සෑදෙන්නේ ද, ටැට්ටර සහ ලොර් බාගවල නැග කට්ටිය තොරන් බලන්නට යන්නේ ද පොසොන් පෝයට ය. නමුත් අප එසේ තොරන් බලන්නට ගිය වගක්වත් මට මතක නැත. නමුත් ඉඳ හිට අපට කිට්ටුව පාතක සිටි නෑදෑ පිරිවර වන ලොකු තාත්තා, ලොකු අම්මා සහ සහෝදර සහෝදරියන් බලන්නට අම්පාරේ බුද්ධංගල පාරේ, පිට්ටනිය වටා ඈති නිවාස හෙවත් ක්වාටස්වලට ගිය අයුරුනම් මට හොඳට මතක ය. ලොකු තාත්තලාගේ ගේ ඉදිරිපස තිබූ පේර ගසේ නැග වඳුරු පැටවුන් මෙන් එල්ලීගෙන තුරු ගැට පවා කඩමින් කෑ අයුරු ද, ඒවායේ කහට රහ ද මට තවමත් දැන් කෑවාසේ දැනෙන්නේ ය.

Share/Bookmark

11 comments:

  1. වදුරු පැටියා ලොකු වී ඇත.
    දැන් ගස් නැග පේර කැඩීමට අමතක වී ඇත.
    කාලය යන ඉක්මන.

    ReplyDelete
  2. didn't know taht you had a blog. will read this. cheers

    ReplyDelete
  3. දන්නවාද වත්...පේර කඩන්න අමතක වෙලා නැහැ. වඳුරාට වඩා බඩ ගෙඩිය ලොකුවෙලා නිසා දැන් ගස් නගින්න බැහැ..ඒත් පේර කන්න පුලුවන්. @සුජීව.. බෙහෝ ම ස්තූතියි..!!

    ReplyDelete
  4. ජීවිතේ සුන්දරම කාලයක්

    ReplyDelete
  5. දවස් ගෙවී ගිය ඉක්මන!...
    අපි කාටත් හිත ටිකක් නිස්කලංක වෙනකොට මතක් වෙන දෙයක් නෙවද ?මාවත් අතීතෙට අරං ගිය ලිපියක්.

    -ජය

    ReplyDelete
  6. උපුල් ඉන්ද්‍රනාථ තේනුවර නමැති අපූරු පුද්ගලයගේ ආගමනයට ගැමි සුවඳ මුසුවීම මහත් රුකුලක් වී ඇතිබව මනාව අවබෝධවේ.

    ReplyDelete
  7. උපුල් ඉන්ද්‍රනාථ තේනුවර නමැති අපූරු පුද්ගලයගේ ආගමනයට ගැමි සුවඳ මුසුවීම මහත් රුකුලක් වී ඇතිබව මනාව අවබෝධවේ.

    ReplyDelete
  8. මේ කතාවම එක හුස්මට කියවන්න ඇත්නම්.....

    ReplyDelete
  9. Sir,
    Dan kale inna bahutarayakage atitaya oya wage tamai. namuth aulakata tiyanne e aya kaamti na yatagiyawa menehi karakanna wath, ewa ka ekka hari bedagena satutu wenna.

    Office eke inna nisi einglish walin ketuwe. room eketa giyama sinahalen ma kotannam.


    Obatumata sada jaya....

    ReplyDelete
  10. Obatath, matath,kaatath horen kaalaya yayi piyambaa....
    Apuuruyi rasa vindemi sitha puraa........

    ReplyDelete
  11. ජීවිතේ සමහර කාලවල් තියෙනවා අයියා පස්සේ කාලෙක කොයි තරම් උත්සාහ කලත් මතකයට නො එන

    ReplyDelete