Tuesday, August 31, 2010

13 ..............!!!

විටෙන් විට අවදි වෙමින් ද, යළි නිදමින් ද එ දවස ගත වී ගියේ කාටත් නොදැනී ය. අපි, ඒ කියන්නේ අපේ පස් දෙනා සහ ලොකු තාත්තාගේ පස් දෙනා යන සියලලෝ ම වැස්සට අගු පිලෙක ගුලි ගැහෙන බලු කුක්කන් පෙලක් ලෙස එක ගුලියට ගුලි වී අඩ නින්දේ රාත්‍රිය ගත කරමින් සිටියෙමු..

හිටි අඩියේ මහ හඬවල් ඇසෙයි. විටෙක එය ගැඹුරු හැඬුමක් ලෙසට මට දැනෙයි..ඒ අසුණු ශබ්ද, පැටලිලි හැර පිරිපහදු කර, මේ මේ යැයි කියන්නට නොහැකි වූව ද, මට අදත් ඒ ලෙසින් ම මතකයේ කෙළවරට පැමිණ සිටින්නේ ඒවා යළි කිසි දිනෙක එලෙසින් නොඇසෙන නිසාවෙන් වෙන්නට පුලුවන..

ඉඳ හිට කෙනෙක් අප නිදා සිටි කාමරයේ දොර රෙද්ද මෑත් කර, "අනේ අසරණ දරු පැටවු.." යැයි කියන්නේ ඈයි දැයි මට ඈසුණ ද කිසිදු නින්ව්වක් නොදැනෙයි.

නින්දත් නොනින්දත් අතර කාලය ගෙවෙයි..විවිධ හඬවල් ඇසෙයි.. ඒවා සමහර විට හිත කීරි ගසමින් මගේ සිත හරහා ගමන් කරයි..කිසිවක් ම සිතා ගත නොහැකි ලෙස කාලය ගෙවෙයි..!! යළි තිගැස්සෙයි.. යළිත් කිසිවක් නොදැනෙනා ලෙස මහා නින්දකින් වෙලෙයි..

මෙසේ ගෙවී ගිය රාත්‍රිය කෙළවර අපට ලොකු තාත්තලාගේ සාලය දෙසින් මහා සද්දයක් ඈසීමත් සමග මම තිගැස්සී ඇහැරුාණමි.. මට කිසිදු නින්ව්වක් තේරුම් බේරුම් කර ගත නොහැකි ය. මට තබා එක ගොන්නේ වැතිැ සිටි කිසිවකුට ද කිසිවක් සිතා ගන්නට නොහැකි ය.

මොකක්දෝ සිත කීරි ගස්සන විලාපයක් බඳු මහා හඬක් ඈසුණු බව පමණක් මට මතක ය..මම මේ සිටින්නේ කොහේද.. මේ වෙන්නේ කුමක්ද.. මේ මහා විලාපය කුමක්ද යන උභතෝකෝටික ප්‍රශ්නයෙන් මම විපිලසර වූයෙමි.. නිරුත්තර ළුුයෙමි.. අවදි ව සාලයට යනවාද.. නැතිනම් මෙලෙස ම තවත් ගුලි ගැසී සිටිනවාදැයි වත් තේරුම් ගන්නට මට නොහැකි ය.. මම වට පිට බලමි.. එකට ගුලි වී නිදා සිටි බලු පැටව් රොත්ත ම අවදි ව කිසිදු නින්ව්වක් නැත්තා සේ එකිනෙකාගේ මුහුණු බලමින් එලෙස ම සිටියෙමු..

සාලයෙන් අසුණු මහා විලාපය මඳ වේලාවකින් සමනය වූවාක් මෙන් මට දැනිනි. මම ඈඟ මැලි කඩමින්, හිරි අරිමින් දොර රෙද්ද මෑත් කරමින් සාලය දෙසට පියමං කළෙමි..

මීට පෙර කවරදාවත් දැක නැති කවුදෝ ගැහැණු කණ්ඩායමක් ම, නිසල සාලය දෙවනත් කරමින් මහා විලාපයක් තැබුවේ ඇයි දැයි සිතා ගන්නට මට මහා කාලයක් ගත වී ගියේ ය..

ඉඳ හිට අතිශයින් තනි වූ මොහොතක, මට ඒ විලාප හඬ කන් දෙදරවමින් මගේ ඇඟ කිළි පොවමින්, කීරි ගස්සවමින්, නින්නාද වෙනු මට තවමත් ඈසේ වුවද ඒ විලාපය මතු වූයේ කුමකටදැයි එදා මෙන් ම අදත් මම විමසමින් සිටින්නෙමි..

මන්ද.. එය පිළි ගන්නට මම අදත් සූදානම් නැති බැවිනි...!!!
Share/Bookmark

4 comments:

  1. මේ ලිපිය මම සෑහෙන කාලයක ඉදලා බලාගෙන හිටියෙ අයියා.. දිගටම ලියමු දැන්...

    ReplyDelete
  2. කාලෙකින් ආයෙත් ලියල... පිලිගන්න අකමැති දේවල් කොයි තරම් නම් තියද ....

    ReplyDelete
  3. Masitha mahath biyakin wele...
    Kisiyam wuu karakak sindu wii athi bawak hange...

    ReplyDelete
  4. අනියත ජීවිතයේ නියතක් දරා ගැනීම කොයි තරම් අපහසුද

    ReplyDelete