Saturday, September 4, 2010

15. මළ ගෙදර ආ මල්ලී.....


ලොකු තාත්තලාගේ ගෙදර මහා පිරිසක් සිටිය ද අප ගැන, අප මුහුණ කට සේදුවා ද, කෑවා බීවා ද යන්න ගැන සොයන්නට කිසිවකුට එකලාසයක් නැති සේ ය. තුන් හැවිරිදි ලොකු නංගී ද, දෑවුරුදු පොඩි නංගී ද කවුරුන් හෝ කාන්තාවකගේ අතින් අතට මාරු වෙමින් සිටින්නී ය. මම කිසිදු අරමුණකින් තොර ව ම ,ඉස්තෝප්පුවෙන් මිදුලට බැස්සෙමි. ඊයේ නොතිබුණු ලොකු ටකරන් මඩුවක් අද මිදුල අරා පැතිර සිටියි. එහි පුටු මහ ගොඩක් අට්ටි ගසා ඈති අතර, සමහරක් පුටු මත අඩ නින්දේ සිටින්නන් කිහිප පොළක් මට පෙනෙයි. ඔවුන් ඊයේ රෑ සිට ම මෙහි සිටියවුන් විය හැකි ය.

කුණු කෙළ පිටින් ම මම ඌට්ටුව ද ගසාගෙන මේ පුටු අතරින් ඈවිද්දේ කකුල් අද්දවමිනි. මගේ පිටි පස්සෙන් මා ඈඳි ඒ පිය සටහන් ලණුවක් මෙන් ඈඳී තිබෙයි. ඉන්නා අයවලුන් ගේ මුහුණු බලමි. මම කිසිවෙකු නොහඳුනන්නෙමි. ඹවුන් කිසිවකු ට මා හඳුනා ගන්නට ද අවශ්‍යතාවක් නැතැයි මට සිතෙයි.....

මට මහත් තනිකමක් දැනෙයි.. කුමක්දෝ දැවැන්ත පාලුවකින් මා සිත වෙළෙයි.. එය මට, මගේ පුංචි සිතට දරා ගත නොහැකි ය. මම වටපිට බලන්නේ හඳුනන කිසිවකු ඈස ගැටෙතැයි යන විමසුම් බැල්මෙනි. කවුරුවත් නැත..දහසක් සෙනග මැද්දෑවේ මා තනි ව ගොසිනි...

මම යළිත් ගෙතුළට පිය මනිමි. කාටවත් මා ගැන සොයා බලන්නට ඉස්පාසුවක් නැත..දැන් ඈඬිලි සද්ද ඈසෙන්නේ ද ඉඳ හිට ය. ඒ අලුතෙන් කවුරුන් හෝ පැමිණි විටෙක ය. හෙමි හෙමින් සාලය පසු කොට යන මම කාමරයට එබී බලමි. බිම දිගේ පැදුරු ඈතිව හෝ නැති ව, කාන්තාවන් ගණනාවක් ම නිදා සිටිති. ඒ අව් අස්සේ ඈඳ මත නිදා සිටින ලොකු අම්මාගේ එහා පැත්තෙන් රෙදා කඩෙක එතූ කිසිවක් මට දර්ශනය වෙයි.. මම විමසුම් දෑසින් ඒ දෙස ම බලා සිටිමි. රෙදි කඩෙහි කෙළවරින් බොනික්කෙකුගේ මුහුණක් වැනි යමක් මට පෙනෙයි...


දොර රෙද්දේ සිට එතැනට ඈති දුර වැඩි නිසාවෙන් මට හරියට ඒ කිමෙක්දැයි දැක ගන්නට නොහැකි ය. කරන්නට ද කිසිවක් නැති නිසාවෙන් මම එලෙස ම සිටිමි. ටිකකින් මට ඒ රෙදි ගුලිය නළියනු පෙනෙයි. දැන් ඉන් පොඩිත්තෙකුගේ බෑඟිරියක් ද ඈසෙයි...

මේ පැමිණ සිටින්නේ ඊයේ උපන් අපේ පුංචි මල්ලියා ය..අම්මා මිය ගිය දා උපන්න, නමුත් නොමළ ඔහුගේ නම අමර නම් විය..

Share/Bookmark

20 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. hello hero poddak hero nama vitarai wage..
    weda antimai...

    ReplyDelete
  4. මම මෙච්චර කල් මුගෙ කමෙන්ට් දැක්කා.... ඒත් මේ බ්ලොග් එකට මූ මෙහෙම කරයි කියලා ජීවිතේට හිතුවෙ නෑ.... අද ඉදන් මෙයා ගැන මම බලාගන්නම්......

    ReplyDelete
  5. නජච්චා වසලො හොති, කජච්චා හෝති භ්‍රහ්මණෝ, කම්මනා වසලො හොති, කම්මනා හොති භ්‍රාහ්මණෝ. මිනිසා බ්‍රහ්මණයකු හෝ වසලයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවෙනි. මෙවන් සංවේදි ලිපියකට වත් සංවේදි නොවන මේ වසලයා හට අපි අනුකම්පා කරමු. මා ඉල්ලා සිටිනවා ඉන්ද්‍රරත්න තේනුවර මහතා ගෙන් මේ comment එක delete නොකරන ලෙසට. එවිට මේ ලිපිය කියවන බොහෝ දෙනා හට මේ කියන "වීරයා" ගේ මව් පියන් ගැන බොහෝ පැහැදීමක් ඇති වනු ඇත.

    ReplyDelete
  6. මමත් මේ වීරයගෙ කමෙන්ට් ගොඩක් බ්ලොග් වල දැක්කා.ඒත් සර්ගෙ බ්ලොග් එකට මෙහෙම කමෙන්ට් කරයි කියල මම හිතුවෙ නෑ.මේ මනුස්සයනම් අම්මෙක් තාත්තෙක් නැති ඕපපාතිකයෙක්ද කොහෙද.

    ReplyDelete
  7. අනේ කවුරුවත් මේ හීරෝ ව ගණන් ගන්න එපා. එහෙම කළොත්නෙ එයා "හීරෝ" වෙන්නෙ...!!!

    ReplyDelete
  8. අනේ මහත්තයෝ මෙව්වා මකලා දාන්න... දුටු විගසම...අපි කොයි කවුරුත් කරන්නේ ඒකයි... බෙහෙත් ටික දවසකින් දෙහෙකින් ඇඟට ඇල්ලුවහම ඔය ගතිය අඩුවෙයි...

    අච්චර සංවේදී සටහන පැත්තක තියලා හැමෝම ඒක ගැන කථා කරනවා... මෙව්වා සුලුපටු දේවල්ද...! මගේ ජීවිතයටත් වක්‍රාකාරව බොහෝ කිට්ටු අත්දකීමක්...

    ReplyDelete
  9. හීරෝ වෙත ලියමි .....
    පළමුව කීමට ඇත්තේ බ්ලොග් සටහනක් යනු තමන්ගේ සිතට නැගෙන හෝ දැනෙන සිතුවිල්ලක් රිසි සේ ලිවීමට ඇති අවකාශයකි..
    මගේ කතාව බ්ලොග් සටහන අර්ථය කුමක්දි තේරුම් ගැනීමට තරම් වත් වූ මොලයක් නැති හීරෝ වැනි පුද්ගලයන්
    තමන්ගේ නොහැකියාවන් වෙනුවෙන් අනුන්ට දෝෂාරෝපණය කරන වගක් මට හැගී යි .අ මන්ද යත් මෙහි අර්ථය කියව බැලීමේදී
    මව සිහි කිරීමට තරම්වත් හෝ වැරද්දක් මම (සහ මෙය කියවන අනෙක් පුද්ගලයන් ) නොදකිමි .තවද හීරෝ වැනි පුද්ගලයන් තම සබැ නම මෙහි සදහන් කර
    ප්‍රතිචාර දැක්වීමට තරම් කොන්දක් පන නතෙවීම ගැන කණගාටු වන අතර මව සිහිකර අසබ්ය ලෙස බැන වැදීමට තරම් වූ
    කෙලෙහි ගුණයක් නැති වීම පිලිබදව ලජ්ජා වෙමු.
    හොදම දෙය නම් හීරෝ ඔබ වැනි පුද්ගලයන් මෙහි සදහන් වන බ්ලොග් සටහන් ගැන අවදානය යොමු නොකර සිටීමයි
    ඔබ ගැන අප සියලු දෙනා අවන්කවම කණගාටු වන අතර මින් ඉදිරියට වත් මෙවැනි ප්‍රතිචාර නොදක්වනු ඇති බලාපොරොත්තු වෙමු
    ප : ලි මෙම සටහන සංවාදයන් සදහා විවුර්තය සංවාදයන් සදහා පැමිණෙන්නේ නම් හීරෝ , පටි තද කරගන්න මොකද රෙදි ගැලවී ය හැකි බැවිනි

    ReplyDelete
  10. මට හැම තිස්සේම මතක් වෙන බ්ලෝග් ලිපි මාතෘකාවක් තමයි

    *ගබ්සා වූ සුරඟන* ඒ කවිය මතක් වෙද්දිත් හිත බර වෙනවා

    ඒ වගේම එකක් තමයි මළ ගෙදර ආ මල්ලී කියන්නේ අද ඉඳන් මට. ස්තුතියි

    ReplyDelete
  11. @ Tissa, ඈත්තටම හීරෝ නම් පුද්ගලයාගේ( එහෙම වෙන්න බැහැ නේද) කොමෙන්ට් දැකල මට හරියට දුක හිතුණා.. එකක් නම් ඒ වෙලාවෙ ම ඩිලීට් කළා. අනෙක්වා ඩිලීට් කරන ක්‍රමය හොයා ගන්න මට බැරි ව ගියා..සමහර විට තාක්ෂණීක ප්‍රශ්නයක් නිසා වෙන්න ඈති.. කොහොම නමුත් ගොඩ දෙනෙක් උන්දෑ නිසා හරි මගේ බ්ලොග් එකට කොමෙන්ට් කරපු එක ගැනනම් සන්තෝසයි..ඒ නිසා අපි ඒ උන්දෑට ස්තූති වන්ත වෙමු නේද..!!

    මගේ ආත්ම කථනය කියවන්නට ඔබේ කාලයෙන් බිඳක් හෝ ගත කරන ඔබ හැමට බෙහෝමත් ම ස්තූතියි..!!

    ReplyDelete
  12. සර්....
    බ්ලොග් එකට ආවෙ අද.ඔබ කියනුයේ ආත්ම කථනයක් නම්...ඒය අතිශයින්ම සොදුරු බවින්ද අතිශය දුක්බර බවින්ද පිරුනක් සේ පෙනෙයි.දිගටම කියවමි. සුභ පැතුම්

    ReplyDelete
  13. ඉදිරියෙදිත් කියවන්නට බලාපොරොත්තුව ඉන්නෙමි. ඉක්මනින් ලියන්න සර්...........

    ReplyDelete
  14. මාත් ඔඛෙ සටහන සැමදාමත් කියවන අයෙක්මි.
    හැකි සෑම විටම වචනයක් හෝ සඳහන් කරන්නටද උත්සුක වෙමි.
    අර සීරෝ ගැන නම් කලබල නොවන්න.ඒ ඔහු සමාජයේ අනුකම්පාව ලැබිය යුතු අසරණයකු වන බැවිනි.
    කරුණාකර මහත්මාණෙනි ඔහුගේ සටහන් කොයි විදියේ ඒවා වූවද එසේම තබන්නට හරින්නේ නම් වඩාත් සුදුසු යැයි විශ්වාස කරමි.
    එවිට ඒවා කියවන අය ඒ පුද්ගලයාගේ ඇති අසනීප තත්වය තේරුම් ගෙන ඔහුට අනුකම්පා කිරීමට පෙළඛෙන බැවිනි.
    ඔහු මාගේ අඩවියේ තැබූ සටහන මා තවමත් එලෙසම තබා ඇත්තේ ඔහුහට අනුකම්පාවෙන්ය.
    ඔබත් හැකි නම් එසේම කරන්න.
    ඒ අසරණයාහට පිහිට වෙමු.

    ReplyDelete
  15. ඔබ ලියන හැම වචනයක් පාසාම හදවත සසල වෙයි...ස්පර්ෂ වෙයි.. මේ පෑතිරෙන පාලු ශෝකී බව මට රසය ගෙනෙයි. එහිම ගෑලෙන්නට සිතෙයි. ඔබේ අපූරු බස් වහර මට ගම්පෙරලිය සිහිගන්වයි. මේ ප්‍රතිභාව මට නම් සිතෙන්නේ පොතක් සේ හුදී ජනයා අතරට යා යුතුමමයි...
    ජයම වේවා!

    ReplyDelete
  16. දයාබර ඉන්ද්‍රනාථ මහතානනි,

    මට හිතෙන්නෙ ඔබ මේ ලියන්නේ අප කාගේත් ජීවිතයේ කතාවයි. ඒක ඉතාමත් සංවේදී ලෙසට ඉතා දක්ෂව ඔබ තුමා ලියනවා. මේවගේ ගුණාත්මක ලිපියක් බ්ලොග් අවකාෂයෙන් අපිට තිලිණ කිරීම ගැන දහස්වරක් ස්තූතියි . . . . !

    ReplyDelete
  17. ෙනතට කදුලු උනන,කුඩා දරුෙවක් සම වයෙස එක්කුස උපන් සහොදරයන් සමග මවගෙ වියොවෙන් තනිවු විට ඈතිවෙන හෑගිම ඔබ අපගෙ සිත් තුලට කාවද්දවයි.මෙවන් ලිපියකට සවෙදි නෑති මිනිසා මනුශ්සයෙක් නම් විය නොහෑකිය.සිරොනම් පිලලය අන්තර්ජාලයෙන් ඉවත් කිරිමට අවශ්ය වෑඩ කටයුතු මෙවෙනකොට සිදුවෙමින් පවති.තව නොබොදිනකින් නෑවත අන්තර්ජාලයෙ ඔබට ඔහුව දකින්නට නොලෑබෙනු ඈත.

    සජිව විරකොන්.

    ReplyDelete
  18. '' Mala gedara aa malli''
    Apuuru kiyamana. Nathuth meya kiyawaddi maa hata mahath shookayak danuni. Obage liviime hakiyawa aganeeya.

    ReplyDelete
  19. දයාබර අයියේ . .
    කියවන අපි හැමෝගෙම නෙත් කෙවෙනි තෙත් වෙන ආකාරයෙන් සංවේදී හදවත් වල තත් හැඬවීමේ කලාව ත් ඔබ අපූරුවට දැන ඇත . . .

    ReplyDelete