Wednesday, August 3, 2011

24. පාසල් ජීවිතය.

ලොකු තාත්තලාගේ ගෙදර ඉදිරිපිට පිට්ටනිය හරහා පියමං කරන අප පළමුවෙන් ම පැමිනෙන්නේ බුද්ධංගල හන්දියට ය. එතැනින් වම් පැත්තට ඇත්තේ අම්පාර මහ රෝහලට යන මාවත ය. ඉදිරියට ඇත්තේ හොල්මන් ගල හරහා නගරයට යන මාවත ය. දකුණට ඇත්තේ කච්චේරිය පාර ය. මේ ස්යලු පාරවල් අඟලේ ගල් දමා තලා, ඊට උඩින් තාර තට්ටුවක් දමා සකසන ලද මාවත් ය. ඒවා රළු ය. නමුත් වළවල්වලින් තොර ය. තරමක බෑවුමක් සහිත මේ පාර දිගේ ඉහළට යන අපි, කච්චේරිය පසු කරමින් හතරමං හන්දියකට පිවිසෙන්නෙමු.

මේ පාරක වාහනයක් ගියේ ඉතා ම කලාතුරකිනි. බයිසිකල් බොහෝමයක් තිබුණු අතර, ගොන් බැඳි කරත්ත ද ඒ හා සමානව ම තිබුනේ ය. එයිනුත් වැඩි හරියක් තිබුනේ “මට්ට“ කරත්ත ය. මට්ටයින් යැයි අප හැඳින්වූයේ මුස්ලිම් මිනිසුන් ව ය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ද, කතා විලාසය ද, බෙහෙවින් වෙනස් ය. ඔවුන් වැඩි දෙනෙකු එන්නේ සම්මන්තුරේ සිට ය. ඔවුන්ගේ කරත්ත ද අනෙක් ගොන් කරත්තවලට වඩා වෙනස් ය. කරත්තෙයේ පිටුපස තට්ටුව සාමාන්‍ය කරත්තයකට වඩා පුංචි වුව ද ඒවායේ අනිවාර්යෙන් ම ගොනුන් දෙදෙනෙකු බැඳ සිටියේ ය. උන් ද විශාල දිගු අං ඇති, ඇඟ පත හොඳින් වැඩුණු, ආඩම්බරකාර, නැඩ හරක් ය. සමහර ගොනුන්ගේ අං තට්ටුවට දිලිසෙන පිත්තල කොපු සවිකර තිබුණු අතර, බෙල්ලේ ගෙජ්ජි වැල නම් නොවැරදී ම තිබුණේ ය. උන් ළඟට යන්නට අප මහත් බියක් දැක්වූයේ උන්ගේ වස පෙනුම නිසා ය. ප්‍රමාණයෙන් විශාල වූව ද, ගොන් කරත්තවල බොහෝ විට සිටියේ එක ගොනෙකු පමණ ය. එමෙන් ම කරත්තයට වහළයක් ද තිබුනේ ය. කරත්තය යට ලන්තෑරුමක් ද, බාල්දියක් ද එල්ලා තිබුණු අතර, කරත්තයේ ගමන් තාලයට අනුව මේවා ද පැද්දුනේ ලතාවකට ය.

අප පාසල් යද්දී ගොන් කරත්තයක් අප යන දෙසට ම හමුවුවහොත් එය අපේ මහත් ආනන්දයට හේතු වෙයි. අප මුලින් ම කරන්නේ අප සතු පොත් මිටිය කරත්ත තට්ටුව මත හෝ කරත්තයේ යට එල්ලෙන ගෝනි පඩංගුව මත තැබීම ය. ඉන්පසු කුරුට්ටන් වූ අප කරත්යේ පිටු පසින් අල්ලා ගන්නෙමු. ඉධ හිට අපි එහි එල්ලෙන්නෙමු. මෙසේ අත් දෙකෙන් එල්ලී වැඩි ම දුරක් ගිය එකා අපට මහා වීරයෙකි. නමුත් එසේ එල්ලී ගිය පසු අත් දෙකට දැනෙන වේදනාව අනෙකුන්ට දැනෙන්නට ඉඩ නොතබන්නේ වීරත්වය අප අතින් ගිලි හී යන නිසා ය. අප කණ්ඩායමේ සිටි පුංචි ම එකිය වූයේ සුදු නංගී ය (අද ඈ දොස්තරවරියකි.) දෙකේ පන්තියේ ඉගෙනගත් ඈ හැම විටෙක ම මෙවැනි කරත්තයක වාඩි වී යන්නට වාසනාව ලබන්නී ය.

මේ හතරමං හන්දියේ මුලින් ම තිබෙන්නේ අම්පාර මහ තැපැල් කන්තෝරුව ය. ඉන් දකුණු පැත්තට ඇති පාර දිගේ ගිය විට අම්පාර මධ්‍යම මහ විද්‍යාලයය හමු වෙයි. වම් පැත්තේ පාර පොලීසියට ය. ඉදිරියට යාර 100ක් පමණ ගිය විට, කණිෂ්ට විද්‍යාලයයට හැරෙන අතුරු මාවත හමු වෙයි. එතැන හන්දියේ කඩ පෙළක් ද, බාබර් සැලූන් එකක් ද තිබූ වග මට මතක ය. පාසලට යන ගුරු පාර පටන් ගන්නෙ ලඳු කැලෑවකිනි. ඒ කැලෑව කෙළවර අබලන් ගේට්ටුවෙන් පසු අප පාසල් මාතාව දර්ශනය වෙයි.

මා පළමුවෙන් ම කණිෂ්ටයට ඇතුළත් වූයේ 3වන ශ්‍රේණියේ ශිෂ්‍යයකු හැටියට ය.
එතැන් පටන් එතරම් සුවිශේෂී සිද්ධීන් කිසිවක් ම නැති ව කාලය සෙමෙන් ගලා ගියේ යැයි මට සිතේ.

Share/Bookmark

9 comments:

  1. මැවිල පේනවා..

    ReplyDelete
  2. මට හරියටම විස්තර කියන්න මතක නැතත් , මතක් වුණා මෑතකදි බුද්දංගල ආරණ්‍යකට දානයක් දෙන්න ගිය ගමන. ටිකක් පිටිසරවුණත් හරි අපූරුයි ඒ පැත්ත . දැන්නම් ගොංකරත්ත දකින්න නෑ . ගහකොලින් පිරිච්ච වටපිටාව හරිම නිස්කලංකයි . අවාසනාවට අපි ගිය දවසේ කොටි ගැහුවා අම්පාරට . මෙනිසාවෙන්ම විඳින එක පැත්තක තියලා අපිට ඉක්මනින්ම පිටත් වෙන්න වුණා . අපූරුයි ඉන්ද්‍රනාත මහත්තයෝ . . . කරත්තෙක එල්ලිලා ගියා වගේ දැනෙන තරමටම ඔබතුමා වචන අමුනලා කියලා තියෙනවා ඒ දේ . . . හැමදාමත් වගේ රසවින්දා උපරිමයට . . .

    ReplyDelete
  3. ගොඩක් කාලෙකින් දැක්කේ ලිපියක්

    ReplyDelete
  4. xxදෑන් වෙළාව පාන්දර 4.30යි මම ඉන්න රටේ.පාන්දරම නෑගිට්ටෙ කෙටි කථාවක් ටයිප් කරන්න, මුණු පොතට දාන්න .එත් කලේ ඔබ්තුමාගෙ බ්ලොග් එකට ඔලුව දාපු එක. ඒ තරමටම මම කෑමතියි ඔබගේ බ්ලොග් එක කියවන්න.එත් අද නම් මට හිතුනෙ වෙනිදා වගෙ නෙව්යි ඉන්ද්‍රනාත මහත්තයා බොහෝම උදාසීන කමින් අකුරු කරලද කියල.. මෙක කියවන්න අපිට තියන නොයිවසිල්ල කොච්චරක්ද කියල ඔබ දන්නවනම්....වෙලාවක් අවේලාවක් නෑතුව නිදිමරන හෑටි.. ඔබ මීට වඩා වෙගයෙන් ලියාවී... ,,,ජය ශ්‍රී ............................... R Dharmalatha Ranasingha Axx

    ReplyDelete
  5. පහු ගිය කාලෙ ම ගෙවිල ගියේ මහ මූසල විදිහට.. ඒකයි ලියන්න අතපහු උනේ..!!

    ReplyDelete
  6. පුදුමාකාර විධියට සුන්දරඊ! ම

    ReplyDelete