හෙන්දිරික්කා මල් පිපීගෙන එන විට තාත්තාගේ පන්ති රාජකාරිය ද අවසන් වෙයි. අවට මුලු පරිසරය ම දැවූ දැඩි හිරු රශ්මිය මඳක් අඩු ව ගොස් කහ පැහැයක් ගනී.
ඉන් පසු තාත්තා සිය රාජකාරි ඇඳුම උනා තබා සරමක් සහ අත් දිග මේස් බැනියමට බසියි. ඒ අතරේ හීනියට අඹරා ගත් පහන් තිරයක් වැනි රෙදි කැබැල්ලක් කනට දමා කරකවමින් "ම්ම්ම්ර්හ්ක්...ක්රාහ්ක්" යන මහ හඬකින් කන ද උගුරද පාදයි. ටික වේලාවක් එසේ කරන තාත්තා ශාලාව තුළ බිතක්කනයට හේත්තු කර අැති බයිසිකලය පිටතට ගෙන, සීට් එකෙන් අල්ලා පස් රෝදය ඔසවා, පැඩලයෙන් රෝදය කරකවයි. වේගයෙන් කැරකෙන රෝදයෙන් නැගෙන්නේ සුමට හඬකි. රෝදයේ වේගය අඩු වන විට ම එය බිම තබත් ම, "සරස්" හඬින් දූවිලි පදාසයක් වීසි වෙමින් නවතී.
ඉන් පසු තාත්තා ගෛයි ඇතුළතට ගොස් රෙදි මල්ලක් ද, කොට්ටයක් ද රැගෙන එයි. කොට්ටය දෙකට නවා බයිසිකල් පොල්ලේ තබයි. "යමල්ල දරුවනේ..." යි කියන ගමන් ම තාත්තා සරම මැදින් අල්ලා දකුණු කකුල ඔසවා, සීට් එකට උඩින් ගෙන බයිසිකලයේ සීට් එක උඩ වාඩි වෙයි. ඉන් පසු පැඩලය ආපස්සට කරකවා, එය ඉදිරියට බර කොට නවත්වා ගනී. මට එය පෙනෙන්නේ මහා වීර ක්‍රියාවක් මෙනි. අපි තුන් දෙනා ම දැන් පැමිණ බයිසිකලයේ පොල්ලේ වාඩි වන්නෙමු. ඉදිරියෙන් ම සිටින්නේ පාලිත ය. ඔහු කොට්ය මත වාඩි වන්නේ කකුල් දෙපැත්තට දමා ය. ඉන් පසු කකුල් දෙක බයිසිකලයේ හැඬලයේ ඇති හබ් එක උඩින් තබාගෙන හරි බරි ගැහෙයි. ඊ ළඟට මම ය. අවසානයට අයියා ය. අප වාඩි වන්නේ කකුල් දෙක ම එක පැත්තට දමා හරහට ය.
ලඳු කැලෑ මණ්ඩිය පසු කර, ගුරු පාරට එන බයිසිකලය, මඳ දුරක් ගොස් තවත් අතු පාරකින් වමට හැරෙයි. එය ද කැලෑ මණ්ඩියකින් යුක්ත ය. නමුත් එහි ගුරු පාර තරමක් පළල් ය. ඒ පාර අවසන් වන්නේ ගලා යන ඇල පාරකිනි. එතැනට ඒ හැටි දුරක් නැත. බයිසිකලය නැවතූ සැණින් පළමු ව බසින්නේ අයියා ය. ඊ ළඟට මා ය. ඉන්පසු තාත්තා පාලිතගේ පපුව ඉදිරියෙන් අත යවා දකුණු කිහිල්ල පෙදෙසින් අල්ලාගෙන ඔහු ව ඔසවා බිම තබයි. එසේ කරන හැම විට ම කොට්ටය බිම වැටෙයි...!
දිය රෙදි ඇඳ නාන ගැහැණු දෙතුන් දෙනෙකු ද, අමුඩ ඇඳි පිරිමියෙක් දෙන්නෙක් ද, උපන් ඇඳුමින් සැරසුණු අපේ වයසේ ම කොලු කුරුට්ටන් හත් අට දෙනෙක් ද, ජංගි සායකින් සැරසුණු කෙලි පොඩිත්තියන් දෙතුන් දෙනෙක් ද ඒ ඇල පාරේ ජල සේවණය ලබන්නට පැමිණ සිටිති. තාත්තා ද කමීසය සහ මේස් බැණියම ගලවා බයිසිකලය මතින් තබයි. ඉන් පසු සරම කැහැපට ගසාගෙන අපේ ඇඳුම් උනා දමන්නට උදව් වෙයි. තාත්තා වතුරට බසින විට එහි සිටින වැඩි හිටි අය ඔලුව නමා බයාදු ලෙස සිනා සී මඳක් එහා මෙහා වෙයි. විධානයක් ලැබෙන්නටත් පළමු ව අපි දු ජල තලයට පිලිපන්නෙමු. ඉණ ගාවට පමණ ඇති වතුර කඳ බැස යන්නේ එතරම් වේගයෙන් නොවේ. අප කිසිවකුට පීනන්නට නොහැකි නිසා, අපට වතුර කඳ තුළ එක තැන සිටින්නට සිදු ව තිබේ. එසේ සිටින ටික වේලාවක දී, වතුරට යට ඇති මුළු ඇඟ පුරා ම මහත් කිතියක් ඇති වෙයි. ඒ දණ්ඩි, කොරළි, බුලත් හපයන් වැනි අසූ හාර දහසක් මාලු පැටවුන් පැමිණ අපට කොටමින් සිටින නිසා ය. නිසල ව මොහොතක් සිට ජල තලය දෙස බැලූ විට පැහැදිලි දිය කඳ රිදී පැහැයෙන් නළියන්නට පටන් ගනී. ඒ අර මාලු පැටව් නිසා ය. සුලුවෙන් හෝ හෙලඋනොත් උන් අපෙන් ඈත් වන්නේ ද රිද්මයකට ය. මේ වසවර්තියන් වැඩියෙන් ම පහර දෙන්නේ අපේ තුවාලවලට ය. එහි වේලෙමින් පවතින උඩු හම පෙඟුණු විට උන්ට එය රස අහරක් වෙයි. මඳ වේලාවකින් තුවාලය රෝස පැහැ වෙයි. තාත්තා රෙදි සෝදන තෙක් අපට මහා වෙලාවක් ජලයේ බැස සිටින්නට ඉඩ ලැබෙයි. පළමුව ගොඩ වන්නේ තාත්තා ය. ඉන්පසු වෙනත් සරමක් ගෙන අඳින ගමන් ම, කැහැපට ගැසූ තෙත සරම ගලවා දමයි. ඉන් පසු සාලුව ගෙන ඇඟ පිස දමන්නේ බාගෙට ය. එයින් පසු අප එකිනෙකා ගොඩට ගෙන අප ව ද පිස දමයි. සාලුවෙන් දැවටුණු අතින් ම කම්මුල මත තබා ඇඟට තද කොට ගෙන හිස පස දමන විට මුලු හිස ම සෙලැවෙයි. එය හරි ආන්නද ජනක ය. ඉන් පසු ඇඟ පිස දැමෙයි. අප නැවත ඇඳ ගන්නේ උදේ ඇඳි ඇඳුම් ම ය. රාත්තිරියේ දී චූ වලින් තෙමන්නේ ඒවා ම නිසා ය ඒ...!
දැන් ඒ මෙහෙවර ද අවසන් ය. අපි යළිත් සරණ දෙසට එන්නෙමු. එවිට ගොම්මන් අඳුර දසක ගලා එයි. යනවාට වඩා දැන් අප පසු කරන සුළඟ ද අතිශයින් සිසිල් ය. ඒ ඇඟ තෙමී ඇති නිසා වන්නට පුලුවන. ගෙට ආ විගස තාත්තා සේදූ ඇඳුම් සියල්ල ඉදිරි වැලෙහි එල්ලයි. එසේ එල්ලන්ට පෙර ඒවායේ දෙපසින් අල්ලා වේගයෙන් ගසයි. එවිට සියුම් දියි බිඳිති හිරිකඩ වලාවක් මෙන් එයින් නික්මෙයි. මේ දිය වළාව මැද්දට අප පැන්න විට තාත්තා ඊ ළඟ රෙද්ද ගෙන අප එකිනෙකා එල්ල කොට ගසයි. අපි අතින් හිස් බදාගෙන ඒ මත නටන්නෙමු. එවිට තාත්තා හයියෙන් සිනාසෙයි..!
හෙමි හෙමින් බැස ගිය හිරු එළිය අඳුරක් බවට පත් වන්නේ ඉතා වේගයෙනි. දැන් අපට අවට කිසිවක් පෙනෙන්නේ නැත එතරම් අඳුරු ය. තාත්තා පැට්‍රෝල් මැක්ස් ලාම්පුව පත්තු කරන්නේ දැන් ය. ඒ වටා ඇණ බාගෙන සිටීම අපේ රාජකාරියකි.
ලාම්පුව ශාලාවේ කොක්කේ එල්ලූ පසු මහත් ආලෝකයක් අප අවට පැතිරෙයි. එයින් පිටත බැලූ විට ඇත්තේ බිය කරු කළුවරකි. එනිසා අප මේ ආලෝක සීමාවෙන් එහාට යන්නට මහත් බියක් දක්වන්නෙමු. තාත්තා යන විට අපි දු ඔහු පසු පස යන්නෙමු.
දැන් අලුත් යමක් වෙයි. තාත්තා අල්මාරියක ඇති එස්රාජය පිටතට ගනියි. ශාලාවේ කොට බිත්තිය මත වාඩි වන ඔහු, එස්රාජය සිය වම් කකුල මත තබා ගනියි. එහි තත් මත අතඇඟිලි යවමින් ටිං ටිං හඬ නංවන අතර ම, එහි ඉහළ කොනේ ඇති ඇණ මුරිච්චි වැනි ඒවා කරකවයි. එවිට නැගෙන හඬ වෙනස අපට ද හඳුනා ගත හැකි ය. ඉන් පසු බෝ එක ගෙන එහි කෙඳි මත මොකක්දෝ කුට්ටියක් අතුල්ලයි. එයින් මිහිරි සුවඳක් විහිදෙයි. එය විශේෂ රෙසින් හෙවත් දුම්මල කුට්ටියකි.
දැන් තාත්තා මේ අල්ලුව ගෙන එහි කම්බි මත අතුල්ලන විට මිහිරි ඒකායන නාදයක් පැතිරෙන්නට පටන් ගනියි. අත ඉහළ පහළ යවමින් ඇඟිලි තාලයකට බඳ මත තබමින් යවන විට ඒ හඬ උස් පහත් වෙයි. මඳ වේලාවක් එසේ වයන තාත්තා මඳ වේලාවක් නිහඬ වෙයි. අපේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලයි. ඒ බැල්ම මත ඇත්තේ මහ පොළොව කිඳා බැස යන තරම් වූ මහත් ආදරයකැයි මට සිතෙයි.
මොහොතක් නිසොල්මන් ව ඇසි පියාගෙන සිටින තාත්තා යළිත් වාදනය පටන් ගනියි. ඒ සමග ගායනයක් ද ඇරඹෙයි. සංගීත ස්වරයද මුසු ව තාත්තාගේ ලයාන්විත කට හඬ අවට අඳුර බිඳගෙන පැතිරෙන්නට පටන් ගනී. මම ඇස් දල්වාගෙන: කට ද ඇරගෙන ඔහු දෙස බලා සිටිමි.... මේ විශ්වය පුරා සිටින මහා ම මහා පුරුෂයා ඔහු විය යුතු ය. මගේ සිතිවිලි අතරින් තාත්තාගේ හඬ ඇසෙන්නට පටන් ගනී. තේරුමක් හසරක් දෙනාදැන වුව ද මගේ සිත ඒ සුගායනය හා අසීමාන්තික ව බැඳෙයි...තාත්තා ගයන වචනවල අර්ථයක් ද මට නොදැනෙයි. නමුත් එය මගේ ආත්මය ම හා බැඳී ඇති සෙයක් මට දැනෙයි...
ජන ගන මන අධිනායක ජය හේ
භාරත භාග්‍ය විදාතා........
ජය හේ
ජය හේ
ජය හේ........
ඒ තාත්තා ගයා ඇත්තේ ඉන්දීය ජාතික ගීයයැයි මා දැන කියා ගත්තේ ඉන් බොහෝ කලෙකට පසු ව ය.
http://www.youtube.com/watch?v=8yMvU73Wr7Q&feature=player_detailpage
නමුත් කොයියම් හෝ අස්සකින් මුල්ලකින් ඉන්දීය සළකුණක් හෝ දුටු විට මට ධරණි තරය ම කලම්බාගෙන එන තාත්තාගේ සුගායනය ඇසෙන්නට පටන් ගනී........!!!

"නමුත් කොයියම් හෝ අස්සකින් මුල්ලකින් ඉන්දීය සළකුණක් හෝ දුටු විට මට ධරණි තරය ම කලම්බාගෙන එන තාත්තාගේ සුගායනය ඇසෙන්නට පටන් ගනී........!!!"
ReplyDeleteලියපු ඔක්කොමයි මේ ටිකයි මාරයි සර්... මු ඇඟටම දැනෙනවා කියවද්දී...
තාත්තා පස්සෙන් මාත් ගියා වගෙයි දැනුනේ...
ReplyDeleteඇත්තෙන්ම ඉන්දීය ජාතික ගීය මා ඉතා ප්‍රිය කරන ගීතයක්.. ඒ එහි එකදු වචනයක හෝ තේරුමක් නොදැන වුවත් එහි ඇති ලයාන්විත තනුවට විය යුතුයි...
මෙයට දැක්විය යුතු ප්‍රතිචාරය මොකද්ද කියා මට මොහොතකට අමතකවිය.. මොකද මේ ලිපිය කියවා අවසාන මමද සිතින් මාගේ බාල කාලයට පියමැන අවසානය..
ReplyDeleteසර් කතාවෙන් කාලක් වගේ කියවගෙන යනකොට හිතෙන්නෙම අනේ මාත් ඒ ඇළ පාරේ ඉන්නවා කියලයි.. බොහොම කෙටි උනාට නව කතාවකින් ලබන්න බැරි රසයක් තියනව...
ReplyDeleteඔබතුමාට එක් මාර්ගයක් නැත්නම් තව මාර්ගයක් තියනවමයි... එහෙව් ඔබේ ශිෂ්‍යයෙකු වෙන්න පුළුවන් වෙච්ච එක මගේ වගේම අනික් අයගෙත් ලොකු පිනක්..
පියෙකුගේ දාරක ප්‍රේමය මෙන්ම දරුවෙකු තුළ ඇතිවන පිය සෙනෙහසේ අරුමය ඉතාම සංවේදී ලෙස ඔබ මෙහි සුළු සිදුවීම් මාලාවක් තුළ හකුළුවා තියෙනවා මචෝ... දැන් නවකතාවක් ලියන්න පටන්ගත්තොත් හොඳයි...
ReplyDeleteඇත්තටම සුන්දර හැන්දෑවක්... පුංචි බාධාකිරීමකටත් රිද්මයකට ඉවත ඇදිලා ආයෙත් මන්දගාමීව පීනන මාළු රංචු මැවිලා පෙනුනා...
ReplyDeleteපුන පුනා නොකීවද, වදනින් කිව නොහැකි තරම් රසයක් විදින්නෙමි.
ReplyDeleteනියමයි, ඉතාම සුලු සිද්දියකට වුවත් ඔබ දකව ඇති අවදානය අති විශිෂ්ඨයි.
ReplyDelete// ඉන් පසු පැඩලය ආපස්සට කරකවා, එය ඉදිරියට බර කොට නවත්වා ගනී//
//ඉන්පසු තාත්තා පාලිතගේ පපුව ඉදිරියෙන් අත යවා දකුණු කිහිල්ල පෙදෙසින් අල්ලාගෙන ඔහු ව ඔසවා බිම තබයි//
ඉතා අනගි නිර්මානයක් අයියේ.
ලංකාවේ ජාතික ගීයට වඩා මටත් ඉන්දියාවේ ජාතික ගීයනං හිතට වැදෙනවා...
ReplyDeleteඒක සංගීතයේ වැරැද්දක් මිසක් හිතේ වැරැද්දක් නෙමේ මයෙ හිතේ...
මුලු කතාවම මැවිලා පෙනුනා සර්...
නියමයි!!!!!
දාහක් වැඩ රාජකාරි මැද්දෑවෙ උනත්, මගේ කතාව අහං ඉන්නවාට බොහෝ ම ස්තූතියි...!!
ReplyDelete
ReplyDeleteDHARMA LATHA RANASINGHA. A
ඔබේ කථාව ලියන්නැයි ඔබට නිතරම ඇවිටිලි කරමින් එය කියවීමට ඉස්පාසුවක් නැතුවම ඉන්න මට එය මග හැරිල .අහඹුවෙන් උනත් දැකපු ගමන් එක හුස්මට කියෙව්ව. වැඩට යන්න ලෑස්ති වෙන ගමන්.හරිම පොඩ්ඩක් වුනත් අපූරුවට ලියල.
හැමදාම මම මේ කථාව තුලින් දුටුවේ මෙහි එන යෝධ කථා නායකය එනම් ඔබේ පියා ජීවිතය තුල නොසැලුනු අපූරුව හා ඔහුගේ ශක්තියයි.එහෙත් අද ඔහු ඒ රළු කටුක විඩාබර ජීවිතයේදීත් සංතාපයෙන් හඩා නොවැටී තම දරු පැටවුනුත් සමග සංගීතය අසුරෙන් ජීවිතය වින්ද අපූරුව...
.මෙය බලා අපි මෙතරම් රසයක් විදිනවා නම් ඔබේ පියා මෙය කියවීමෙන් මොන තරම් සතුටු වේවිද.මෙය ඉතා ඉක්මනින් ලියා පොතක් වශයෙන් මුද්‍රණය කර ඔබේ පියාණන්ට පුදන්නට හැකි නම් ඔහු ජීවමානව සිටින විට එතුමා වෙනුවෙන් ඔබට කල හැකි මහඟු තම උපහාරය එය වේවි
ඕකනේ මමත් කොච්චරවත් කියන්නෙ, ඔය කැමරා පොත් "ගහන" අස්සේ මේ පොතත් ගහන්නකෝ.
Delete
ReplyDeleteDHARMA LATHA RANASINGHA. A
ඔබේ කථාව ලියන්නැයි ඔබට නිතරම ඇවිටිලි කරමින් එය කියවීමට ඉස්පාසුවක් නැතුවම ඉන්න මට එය මග හැරිල .අහඹුවෙන් උනත් දැකපු ගමන් එක හුස්මට කියෙව්ව. වැඩට යන්න ලෑස්ති වෙන ගමන්.හරිම පොඩ්ඩක් වුනත් අපූරුවට ලියල.
හැමදාම මම මේ කථාව තුලින් දුටුවේ මෙහි එන යෝධ කථා නායකය එනම් ඔබේ පියා ජීවිතය තුල නොසැලුනු අපූරුව හා ඔහුගේ ශක්තියයි.එහෙත් අද ඔහු ඒ රළු කටුක විඩාබර ජීවිතයේදීත් සංතාපයෙන් හඩා නොවැටී තම දරු පැටවුනුත් සමග සංගීතය අසුරෙන් ජීවිතය වින්ද අපූරුව...
.මෙය බලා අපි මෙතරම් රසයක් විදිනවා නම් ඔබේ පියා මෙය කියවීමෙන් මොන තරම් සතුටු වේවිද.මෙය ඉතා ඉක්මනින් ලියා පොතක් වශයෙන් මුද්‍රණය කර ඔබේ පියාණන්ට පුදන්නට හැකි නම් ඔහු ජීවමානව සිටින විට එතුමා වෙනුවෙන් ඔබට කල හැකි මහඟු තම උපහාරය එය වේවි
උසස් ලෙස , සිතට කාවදින ලෙස විස්තරකර ඇති ආකාරය සබෙවින්ම අපූරුය .සුභ පැතුම් - - - - - !!!!
ReplyDelete/*---
ReplyDeleteඅපේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලයි. ඒ බැල්ම මත ඇත්තේ මහ පොළොව කිඳා බැස යන තරම් වූ මහත් ආදරයකැයි මට සිතෙයි.
---*/
තේනුවර මේක හදවතටම වැදුනා මචං..පට්ටම පට්ටයි..
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ඇත්ත පත්තරේ ගැන විස්තර පොඩ්ඩක් හොයන්න කියලා ඇත්ත පත්තරය කියලා විපරම් කරලා බලනකොට ආව ලින්ක් වලට ගිහින් බලනකොට තමා මගේ කතන්දර බ්ලොගය අහම්බෙන් දැක්කේ ....නියමයි රස වෑහෙයි.. මේ දිනවල පැනිවලලු නමින් විකිනෙන තීරු ලිපි සන්ග්රහයටත් වඩා රසවත් මේ ලිපි පෙල අතීත කාමියෙකු වන මට ඉතා වටී ....ජයවේවා තව තවත් රසවත් ලිපි අපිට කියවන්න ලියන්න
ReplyDeleteඇත්ත පත්තරේ ගැන විස්තර පොඩ්ඩක් හොයන්න කියලා ඇත්ත පත්තරය කියලා විපරම් කරලා බලනකොට ආව ලින්ක් වලට ගිහින් බලනකොට තමා මගේ කතන්දර බ්ලොගය අහම්බෙන් දැක්කේ ....නියමයි රස වෑහෙයි.. මේ දිනවල පැනිවලලු නමින් විකිනෙන තීරු ලිපි සන්ග්රහයටත් වඩා රසවත් මේ ලිපි පෙල අතීත කාමියෙකු වන මට ඉතා වටී ....ජයවේවා තව තවත් රසවත් ලිපි අපිට කියවන්න ලියන්න
ReplyDelete