Monday, August 11, 2014

වැහි කාලය පැමිණීම



අම්පාර යනු අතිශය ශුෂ්ක, වියළි, දුහුවිල්ලෙන් පිරි, වියළි සුළඟින් යුක්ත නමුත් අතිශයින් සාරවත් මෙන් ම සතා සීපාවාගෙන් ගහණ ප්‍රෙද්ශයකි.

පෑවිලි කාලයට ගහ කොළ පමණක් නොව වැටි අමුණු පවා වැලි පෑදෙන තරමට වියළී යයි. පායන කාලයේ සුළඟ හරි මැර ය... ප්‍රචණ්ඩ ය...දුහුවිල්ලෙන් සපිරි ය...වියළි ය. අම්පාර වැව පමණක් නොව සේනානායක සමූද්‍රය ද අඩිය පෙනෙන තෙක් සිඳී යයි. එවිට එහි පතුල ඉරි තැලී, පතුරු ගැලවෙයි.
වැහි කාලය පැමිණිවිට සියල්ල කණපිට හැරෙයි.....! දවස පුරාම හීල් සුළං පතකිනාතර, අහස ද තෙතබරි ව ඇඬූ කඳුලෙන් මෙන් වෙයි. වහින්නට පටන් ගත් විට වහින්නේ ද ලවක් දෙවක් නැති ව ය...එක සීරුවට දවස් දෙකක් පමණ ඇද හැලුණු විට අඩි පාරවල් පමණක් නොව තාර නොදැමූ මහපාරවල් මැද ද කාණු සෑදෙමින් බොර පාට මහ ජල කඳන් ගලා බසියි. වියළී, දුහුවිල්ලෙන් වැසී දුඹුරු පාටට තිබුණු මහ ගස් මෙන් ම පොඩි ගස් ද, ඉලුක් මානා යායවල් ද, සියල්ල සෝදා නා පිරිසිදු වී, කොළ පාටින් බබලන්නට පටන් ගනියි. අප ඇවිදින විට ඇඟිලි කරු අතරින් චිරි චිරි ගාමින් මඩ පනියි. ලොකු පුංචි හැමගේ ම පාහේ ඇඟිලි කරු අතර, තුවාල ඇති වෙයි. වැඩිහිටියන් ඊට කියන්නේ දියමිටියන් කනවා කියා ය. නමුත් පසු කාලීන ව අප සෞඛ්‍ය පාඩමේදී උගත්තේ ඒ කොකුපණුවන් අප ඇඟ තුළට ඇතුල් වෙන ආකාරය එය ය කියා ය. කොකු පණුවාගේ මුඛය කොක්කක් වැනි ය. ඌ අප බඩවැල ඇතුල් පැත්තේ එල්ලී සිටිමින් අප රුධිරය උරා බොයි. කොකු පණුවන් අධික ලෙස සිටින විට දරුවන්ගේ අත පය කේඩෑරි වී, බඩ ගෙඩි කල ගෙඩි මෙන් නෙරා එයි. එවිට කියන්නේ මාන්දම ය කියා ය. සිදුවන්නේ රක්ත හීනතාවය ය. කොකු පණුවා ඉතා කුඩා වුව ද පටි පණුවා යාර ගණන් දිගය. ඌ ද අපේ ආහාර මාර්ගයෙන් ම ඇඟ තුළට ඇතුල් වී, බඩවැල් ආශ්‍රිත ව පැල පදියම් වෙයි. කොකු පනුවා බඩවැල තුළ බිත්තර දමයි. මේ බිත්තර මළ සමග පිටතට එයි. එසේ පැමිණෙන බිත්තර අධෝ මාර්ගයේ කෙළවර තට්ටම් දෙත හා වන තැන පැල පදියම් වූ විට අධික කැසිල්ලක් හට ගනී. මේ කැසිල්ල හරි දරුණු ය. කසන්නේ ඇඹරි ඇඹරී ය...!! අධික දාංගලය සහිත ව, හැම විට ම දැඟලිල්ල සහිත හිච්චන්ට “මූට කිරි පනු ගාය හැදිලා“ ය කියන්නේ ඒ නිසා ය. ..!! මේ කිරි පණු බිත්තර පොලොවට එකතු වන්නේ තැන තැන මළ පහ කරන නිසා ය...අම්පාරේ අපට නොයින්ද අප්පා කොමෝඩ්...!! අපේ වැසිකිළි සමහර විටෙක අක්කර කාලක් පමණ විසා ල ය..!! සොබා සෞන්දර්යයෙන් සහ මනා වාතාශ්‍රෙයන් ද අනූන ය. කිරි පණු පමණක් නොව තවත් අටෝ රාසියක් පණු බිත්තරවලින් ද ගහණ ය. වැහි රැල්ලක් වැටුණු සැණින් මේ බිත්තර පුපුරා, කීටයන් එළියට එයි. උන් පිළව් අවධිය ගෙවන්නේ මඩ වතුරේ ය. සුහුඔුල් පණුවන් තණ කොළ අග්ගිස්සේ මෙන් ම මඩ රැළි අතර ද සැඟව මානාගෙන සිටින්නේ වාහකයකු එන තෙක් ය. චිරි මඩේ සිටින කොකු පණුවෝ පෙඟී බුරුල් ව ඇති ඇඟිලි කරු අතරින් සිදුරු සාදාගෙන අපේ රුධිර පද්ධතියට ඇතුල් වෙයි. රුධිර මාර්ගය හරහා පෙණහැල්ලට උන් පැමිණි විට කැස්ස ඇකිවෙයි. කහින විට මතු වන සෙම මත පණුවෝ සිටිති. උන් යළි අපේ ආහාර මාර්ගයට ඇතුලු වන්නේ මේ සෙම ගිලීම නිසා ය. ඉන් පසු උන් නවතින්නේ පෝෂණයෙන් අනූන බඩවැල් ආශ්‍රිතව ය.

හැම වැහි කාලයකට ම පසු අපට පණු බේත් බීම අනිවාර්ය වෙයි. පිරිසිදුකම ගැන නොසළකන සමහර දරුවන්ගේ ගුද මාර්ගයෙන් පණුවන් ගුලි පිටින් ඇද වැටෙනු අප ද දැක ඇත්තෙමු. සමහර පණු ගුලි මිට මෙළ වූ අතක් තරම් විශාල ය...!
වියළි කිලයේදී අප අත්දකින තවත් අරුමයක් වන්නේ මළ පහ කළ විට, අසූචි තුළින් කුරුමිණියන් මතු වීම ය. ඒ අපිරිසිදු පරිසරයෙන් අප ආහාර මාර්ගයට පිවිසෙන කුරුමිණි බිත්තර, ආහාර මාර්ගය තුල දී සිය ජීවන චක්‍ර සපුරා, අසූචි සමග පිටතට පැමිණීම ය. එසේ අසූචි මතින් කුරුමිණියන් එන ළමයින්ට “කුරුමිණි මාන්දම“ හැදිලායැයි කියති...!

කාලයක් පෑවිල්ල අල්ලා සිට වැස්සක් ඇද හැලුණු විගස ම ඊ ළඟට එන දරුණු ම වසංගතය වන්නේ මදුරුවන් ය...මදුරු බිත්තර මොන තරම් පෑවිල්ලකට අසු වුව ද නොනැසී පවතියි. වැහි රැල්ලක් වැටුණු විගස ම මේ බිත්තර පුපුරා කීටයන් ජල කඩිති මත අරක් ගනියි. ඉතා ම ඉක්මණින් පිළවුන් බවට පත් වන උන්, දින දෙක තුනකින් සුහුඹුල් මදුරුවන් ව, ගම් නියංගම් ආක්‍රමණය කරන්නට පටන් ගනියි.
මදුරු දැල් නැති, කෘමි නාශක වර්ග නැති සුවහසක් ජනයා මේ මදුරු ආක්‍රමණයන්ට ගොදු වන්නේ ඉතා පහසුවෙනි. ඉනික්බිති මැලේරියාව අති සීඝ්‍රෙයන් පැතිරෙන්නේ මේ මදුරුවන් නිසා ය. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට හැම ගෙයක ම පාහේ ගිණි කබල් මගින් වියළණ ලද මදුරු තලා ගස් පුළුස්සා දුම් ගස්සවනු ලබයි. නමුත් හැම විටෙක ම ජය ලබන්නේ මදුරුවා ය...

මේ මොන අලකලංචි තිබුණ ද අපට වැහි කාලය අතිශයින් සුන්දර ය...
මොන බැණුමක් ඇසුන ද වැස්සේ තෙමෙන එක මාර ආහ්ලාද ජනක ය...වැඩියෙන් ම අපට බණින්නේ ආච්චී ය...තෙමුණු කුකුළන් මෙන් සිටින අප ව කැඳවා, බැණ අඬ ගසමින්, ඇඟට හිර කරගෙන, හඩු සාලුවකින් ඔලුව පිසින විට ඇති වන ආදරය වචනයෙන් විස්තර කළ නොහැකි ය...
ඊටත් වඩා මන නන්දණීය, පරම සුන්දර, වීර ක්‍රියාව වන්නේ, දෙගොඩ තලා ගලා බසින, හද්දා බොර පාට, මඩ වගුරුවල බැස, ජබු ගසමින් මී හරකුන් මෙන් මඩ නෑම ය...එසේ නාන්නේ සියලු ඇඳුම් උණා දමා හද්දා නිරිවස්තරයෙන් ය...!! ඊට කොලු කෙළි බේදයක් ද නැත.
එසේ මඩ කරියන් මෙන් මඩ නාමින් සිටින අතරවාරයේ තාත්තා පැමිණ, එකෙක් අත් බාහුවෙන් අල්ලා ඔසවා, තට්ටම පුරා පුපුරු ගසන්නට දෙන අතුල් පහර ඊටත් වඩා සුන්දර ය...
ඊටත් වඩා ජොලි ම වැඩේ වන්නේ සියලු ඇඳුම් පොදි බැඳ ගුලියක් මෙන් පපුවට තුරුලු කර ගෙන, මීක් සද්දයක් නැති ව, හිස බිමට හරවාගෙන, හිසේ සිට මඩ බේරි බේරී, හද්දා නිරිවස්තරෙන් ගෙදර යා ම ය...!!

අදත් අප මේ දැන් සිටින පැති පළාත්වලට ද ඒ වගේ ම වැහි ඇද වැටෙයි....
කාපට් කරන ලද මහ පාර දෙපසින් කලු පාට කුණු වතුර කඳන් ගලනු පෙනෙයි. නමුත් ඒවා මඩ සුවඳ නැත...
කොකු පනුවන් ද ඇඟ උස්සාගෙන අප එනතෙක් බලා සිටිනු ඇති..අනේ ඒත් වාහනයෙන් බැස කෙසේනම් උන් ළඟට යන්නද..!!
සපත්තු සෙරෙප්පු ගලවා ඇවිද්දොත් ඇඟිලි කරු අතරින් චිරි චිරි ගාමින් මඩ පණිනු ඇති. නමුත් ඒවා මඩ පාට නැත.. ඩීසල් දුමාරය සහ තාර දුහුවිල්ල නිසාවෙන් ඒවා කළු පාට වී තිබේ. ඒවායේ කොකු පණුවන්  තියා බැක්ටීරීයාවක්වත් සිටින්නට බැරි ය...!
වැස්ස වැටී අවසන් ව, ඊ ළඟ පෑවිල්ල අරඹනා විට ලැබෙන අධික පැණි රසැති, දම් පාට පණු බේත් සුඟක රස බලන්නට ආසා හිතෙයි...

අනේ ඒත් දැන් කොයින් ද අපට එහෙම වාසනාවක්...!!??

Share/Bookmark

25 comments:

  1. මට මේ පණු කතාව තේරුනේම නෑ. මේ ළඟදි දවසක ගූගල් කරලත් මේ තරම් පණු විස්තරයක් හොයාගත්තේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. අවසාන රූපය බලන්න.
      පණුවා ගේ ජීව චක්‍රයේ එක් අවධියක් ගෙවන්නේ මිනිසාගේ ශරීරය තුලයි.

      Delete
  2. සිත කම්පා කළ ඉතාම සංවේදී සටහනකි. ස්තුතියි ඔබට

    ReplyDelete
  3. පණු විස්තරේ අහලා ඇඟ හිරි වැටුනා. ඒත් වැහි කාලෙට ආසා හිතුණා.

    පුංචි කාලේ මතක රසවත් වුනත්, අද එතනට ගියොත් ඒ හැඟීමම අපිට ඇතිවෙයිද කියලා පුංචි සැකේකුත් හිතට ආවා...

    ReplyDelete
  4. අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි කියූ කවියක් සිහිවිය.

    එන සිකුරාදා
    කොකු පණු දොස්තර
    එනවලු ළමයිනි
    ඩුං, ඩුං, ඩුං!

    එදාට නෑවිත්
    සිටියොත් ළමයිනි
    දඬුවම් දෙනවලු
    ඩුං, ඩුං, ඩුං!

    ඒ කවියෙන් කියවෙන්නේ ඒ දවස්වල ලංකාවේ ළමයින් අතර පැතිරිලා ගිහින් තිබුණු කොකු පණු රෝගය සඳහා බේත් දෙන්නට පාසල්වලට පී.ඇච්.අයි මහත්තයා හෙවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එනවාය කියන කතාවයි.

    ReplyDelete
  5. අද කතාව නම් ටිකක් භයානක විද්‍යා පාඩමක් වාගේය, කුරැමිණයන් ඒමේ සංසිද්ධිය ඇසුවේ අදය එයින් ඇග කිලිපොලා ගියේය

    ReplyDelete
  6. අර කියල තියෙනව වගේ දැන්නං මඩ වල ඔය කියන එවුවො ඉන්න විදියක් නෑ පසට ගහන කෘමිනාෂක නිසා.

    //එකෙක් අත් බාහුවෙන් අල්ලා ඔසවා, තට්ටම පුරා පුපුරු ගසන්නට දෙන අතුල් පහර ඊටත් වඩා සුන්දර ය...// මැවිල පේනව වෙන වැඩේ.

    ReplyDelete
  7. නෝක්කාඩුව : මේ අට මගල ලියන්නෙ අවුරුද්දකට එක සැරයක් වීම අපේ කරුමයකි...
    වර්ණනාව : තෙත කලාපයේ සීමාවක හිටි අපිටත් මේ කිරි පණු ගාය නම් අඩු වැඩි වශයෙන් තිබුනා මතකය. පණු බෙහෙත් සමඟ අර සබන් රහ වගේ බෙහෙත් බීම නම් අතිශය දුශ්කර වූවා මතකය. ලෙඩේ පිටටම තව ගුටි දෙක තුනකුත් කා අඬමින් බෙහෙත් බිව් කාලය අද නම් සුන්දර බව නොකිව මනාය. අර කිරි පණු ගාය තියෙන කාලයට එරබදු දළු මැල්ලුම් සකසා බලෙන්ම ගිල්ලවූ මතකය..
    මේ සියල්ලම එකතු කල ඒ අපූරු මතක ගොන්නකකට ගෙන යන්නට සර්ගේ මේ සටහන සිත මත සිත්තම් කලාට නම් බොහෝ පින්ය.
    අනේ අපිට දැන් කොයින්ද එහෙම කාලයක් ???
    රහසින් හඬන සිත ලොවෙන් වසන් කර ගන්නවා හැර විකල්පයක් මගේ සිත් මායිමට නම් එබිකම් නොකරයි...

    ReplyDelete
    Replies
    1. වැනි ලියන්නෙත් ඒ විදියටම නේද දැන්

      Delete
    2. නැහැ නලියා මම ලිව්වෙ නැත්තෙ මාස තුනයිනෙ..මේ අවුරුදටත් පෝස්ට් 36ක් ලියලනෙ...

      Delete
  8. පොඩි කාලේ පණු ගාය හැදෙනවට අපේ අම්මලා අපට පෙව්වේ කුඹුරුදළුයි දෙහි දළුයි හිනියට අඹරා උණු අලු පල්ලේ දමා මිරිකා ගැනිමෙන් ලැබෙන යුෂ. මේක පට්ට තිත්තයි. අවුරුද්දට දෙවතාවක් බීවාම ඉහෙන් බහින පණු රෝගයක් නෑ....

    ReplyDelete
  9. මගේ කතාව පටන් ගත්තෙ වැඩ රාජකාරි අධික වෙල, ඒවයෙ අතුරු ඵලවිපාක දුක්ඛ සහගත ව හිත ඔද්දල් උනාම ඒකෙන් අත් මිදෙන්නයි.
    පසු ගිය ටිකේ වැඩ රාජකාරි අතිශයින් බහුල උනත්, ඉන් ලබාපු මානසික සුවය ඉහළ නිසාවෙන් තමයි ලිවිල්ල අතපසු උනේ..
    දැන් මගේ කතාව මං ම ආපහු කියවල, ආයෙ ලියන්න පටන් ගත්ත.
    බොහෝ ම ස්තූතියි හැමෝටම..
    එක දිගට නැතත් ආයෙ ලියන වගට සහතික වෙනවා..!!

    ReplyDelete
    Replies
    1. එදා විඳි දුක්ඛ දෝමනස්සයනුත්
      මෙදා විඳි දුක්ක දෝමනස්සයනුත්
      නිර්මාණකරණයට, රසවින්දනයට හේතුවෙන බව
      " ඉන් ලබාපු මානසික සුවය ඉහළ නිසාවෙන් තමයි ලිවිල්ල අතපසු උනේ.."
      යන්නෙන් මට හැඟෙනව
      අන්තිමට දුකම සැපයක්ද තේනුවර මහත්තයෝ...?
      මමත් උත්තරේ සොයනව..
      සොයාගත්තොත් කියන්න

      Delete
    2. මටත් ඕක ලොකු ප්‍රශ්නයක් තිස්ස මල්ලි.
      ලෝක ඉතිහාසයේ පවතිනා නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ, ඒ නිර්මාණ කරුවන් අතිශයින් සුඛිත මුදිත අවදිවලයි.
      ලංකාවෙත් එහෙමයි.
      නමුත් ඒ නිර්මාණවල මිනිසුන්ලේ දුක්ඛ දෝමනස්සයන් නැහැ.
      අප දැන් ඉන්නෙ ඒකෙ අනික් පැක්කෙ....
      ඒ නිසාමදෝ මන්දා අප අපගේ ම දුක ප්‍රතිනිර්මාණය කරල, එය සැපක් ලෙසට පරිවර්තනය කර ගන්නෙ.

      Delete
  10. ඉතාම සුන්දර ලියවිල්ලක්...මේ කථාව කියවන අතරතුර ඔබ අපව අපටත් හොරෙන් අපේ ළමා කාලයට අරගෙන ගිහිල්ලා...නිතරම ලියන්න පුලුවන් නම් බොහොම අගෙයි.

    ReplyDelete
  11. දැං සේරෝම වෙනස් නේ.... රෑ නවයට දහයට කාපට් පාරේ රෝද සපත්තු පැදිල්ල තමා මෙහෙ එව්වෝන් දන්න එකම සෙල්ලම මේ කාලේ....

    ReplyDelete
  12. //කොකු පනුවා බඩවැල තුළ බිත්තර දමයි//

    තේනුවර, මා දන්නා තරමට මුන් බඩවැල තුල නොවේ බිත්තර දාන්නේ. අර කැසිල්ල එන්නේ උන් පහලට බහින නිසා බිත්තර දාන්න. එම බිත්තර තමයි මලපහ සමග පිට වන්නේ. බඩවැල් තුල බිත්තර දැමුවොත්, සමහරවිට ඒවායේ ජීවී බව නැතිවී යන්නට පුළුවන් නිසා වෙන්නට ඕනේ, උන් මෙහෙම කරන්නේ. මෙසේ කසන විට, දරුවන්ගේ අත් වලට බිත්තර එකතු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මගේ මතකය අවුල් ද මන්ද,
      නමුත් අර කොකු පණුවාගේ ජීවන චක්‍රය සහිත රූප සටහන බලන්න.

      Delete
    2. නැහැ තේනුවර, මගේ මතකය අවුල් වගේ. ඔබ හරි!
      Hookworms lay their eggs while attached to the intestines
      of their hosts. These eggs pass out of the body with
      defecation. It takes about 5 days for the eggs to develop
      (http://www.barefooters.org/best-of/hookworm-ran.txt)
      into larvae that start looking for a new host. During
      this time, the larvae feed on material in the feces.

      Delete
  13. මා තව ටිකක් කියෙව්වා, මගේ මතකයේ තියෙන්නේ මොකක්ද කියල හොයන්න. කිරි පණුවා කියලත් එකෙක් ඉන්නවනේ. මා හිතන්නේ අර කැසිල්ල වැඩියම එන්නේ කිරිපණුවන නිසා. ඔය කතාවට කියන්නේ ළමයෝ කිරිපණු ගය හැදිලද කියල.
    මෙන්න ඒ විස්තරය. උන් නම් බිත්තර දාන්න අර ප්‍රදේශයට එනවා. Pinworms sneak out of your anus at night Tiny pinworms lay eggs around a host's anus, leading to an itching sensation, which creates a vicious cycle if your fingers come in contact with your mouth — since this allows the eggs to enter the digestive tract.
    (http://www.freerepublic.com/focus/chat/2901510/posts)

    විස්තර හෙවුවේ මගේ මතකයේ තියෙන්නේ මොකක්ද කියන එක වධ දුන් නිසා!

    ReplyDelete
  14. කිරිපනුවා යනු Pin worm ය http://en.wikipedia.org/wiki/Pinworm කොකු පනුවා යනු Hookworm ය http://en.wikipedia.org/wiki/Hookworm කිරි පනු ගැහැනු සතා ගුද විවරයෙන් එලියට පැමින සම මත බිජු ලයි. කැසීම ඇතිවන්නේ එවිටය.

    ReplyDelete
  15. https://www.youtube.com/watch?v=xYUGtiEXbY0

    ReplyDelete