මේ 1968 අවුරුද්ද විය යුතු ය.
එක්තරා දවසක බයිසිකලයකින් මහත්මයෙක් අපේ සරණට පැමිණියේ ය. ඔහු සතු මල්ලේ අරුමෝසම් බඩුවක් තබෙනු අපි දුටුවෙමු. ඔහු එය ගෙන එහි පටියෙන් බෙල්ලේ එල්ලා ගත්තේ ය. එය කැමරාවකි. පැමිණ තිබුනේ පුවත් පතක් සඳහා තාත්තා ගැන විස්තරයක් පළ කිරීම ය.
ඩඩ්ලි සේනානායකගේ යූ ඇන් පී ආණ්ඩුව විසින්, වාමාංශික දේශපාලනයේ යෙදීමේ වරදට වැඩ තහනම් කළ විදුහල්පතිවරුන් 18 දෙනාගෙන් කෙනෙකු වූයේ අපේ තාත්තා ය. මේ ප්‍රාදේශීය වාර්තාකාර මහතා පැමිණ සිටියේ ඒ අපා දුක් විඳින වෘත්තිකයන් ගැන පුවත් පතකට කරුණු ලියන්නට ය.
කුඹුර කොටන තාත්තාට උදව් දෙන්නේ අයියා මම සහ පාලිත ය. කොට කළිසමක් ඇඳ තාත්තා කුඹුර කොටන අතර, විල්බැරෝවට පස් පුරවන්නට සහය වන්නේ අයියා ය. විල්බැරෝවේ අත්ඇඳි දෙක අල්ලාගෙන සිටින්නේ මා ය. පසෙකින් සිටින්නේ පාලිත ය.
මේ ඉහළ පින්තූරයේ තාත්තා ද සමග බිම වාඩි වී සිටින්නේ අයියා ය. දකුණු පසින් අත් පිටිපසට කොටගෙන බැඳ සිටින්නේ මා ය. වම් පැත්තෙන් සිටින්නේ පාලිත ය. තාත්තාට පිටුපසින් පෙනෙන්නේ අපේ මූත්‍රාවලින් තෙත බරිත වන අපේ එකම සිහින රාජ්ජය වූ ඇඳ ය.
මේ තාත්තා බලමින් සිටින්නේ ඇත්ත පත්තරයයි. පිටුපසින් ඈතින් පෙනෙන්නේ රජයේ සේවකයන්ගේ තනිකඩ නිල නිවාසය හෙවත් ඩෝමැට්රියයි.
තාත්තා මේ අඳින්නේ ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයයේ දී තාත්තාට ඉගැන් වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගුරු පියාණන්ගේ චිත්රයයි.
මේ එදා එතුමන් විසින් සිය කැමරාවේ සටහන් කර ගත් අපේ පින්තූරයි. මෑත කළෙක තාත්තා සතු ව තිබූ එහි ඍණ ඵලක රැගෙන ගොස් මම ඒවා මුද්‍රණය කර ගතිමි.
මේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම හෝ ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි...!!!
මේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම හෝ ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි...!!!
මචෝ ඇඬෙනවා බන්... මගෙත් මෙහෙම පින්තූර කන්දක් තියෙනවා... අපේ වචනවලට වඩා කොච්චර වුනත් මේ පින්තූර ටික ප්‍රබලයි. ඒකනේ මාත් මේ මොනවා වුනත් සිනමාවට ටෙලිවිසොන් එකට ඇලිලා ඉන්නේ... නියමයිගගගකියලා වැඩක්නෑ...
ReplyDeleteපිටු සිය ගණනකින් ලිවියයුතු කතාවක් මේ පුංචි පින්තූර කිහිපයකින් මනාව කියෑ පෑ ජායාරූපකරණය සැබවින්ම විශ්මය ජනකය - - - - - - - !!!! පුවත් පතක ජයාරූපශිල්පියා විසින් ගත් ජායාරූප වල ඍණ ඵලක ඔබ පියා සන්තකයට පැමිණියේ කෙසේදැයි පොඩි කුතුහලයක් ඇතිවිය .
ReplyDeleteදැනටත් ප්‍රාදේශීය වාර්තාකාරයෙක් කියන්නෙ පුවත් පතක නිත්‍ය රැකියාවක් නෙමෙයි. ඔහු පින්තූර ගන්නව. එයින් කලාතුරකින් එකක් දෙකක් තමයි පළ වන්නෙ. ඒ නිසා එම ඍණ ඵලක අයිති ඡායාරූප ශිල්පියාටයි. පුවත් පතේ පළවන පින්තූරයේ පමණක් නිර්මාණ අයිතිය පුවත් පත් ආයතනය සතු වෙනව.
Deleteස්තුතියි .සරලව ,මනාව පහදා දී කුතුහලය නැතිකලාට - - - - - - - !!!!
Deleteඇතතටම පුදුම වටිනාකමක් තියෙන්නේ සර්...පින්තූර ටිකින් ගොඩක් දේ කියාපානවා වගේ ජය වේවා..කල්ප
ReplyDeleteමේ සටහනට කොමෙන්ටුව කොටන මොහොතේ පාලිත මා අසලමයි... නියමයි ඉන්ද්‍රා....සොඳුරු වටින දෙයක් මේ....මගෙත් තියනවා පරණ නෙගටිව් ලොට් එකක් ලංකාදීපෙ ඉන්න කාලෙ ගත්ත ඒවා . ඇදලා බලන්න ඕන ටිකක්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
R,DHARMALATHA RANASINGHA A
ReplyDeleteමේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම හෝ ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි" නැත එය එපමණක් ම නොව සියළු දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහා මෙර මෙන්නොසැලුන. සාපැටවුන් හස්ති රාජයන් කරන්නට ජීවිතය හා පොර බැදි අපූරු පියෙකුගේ රන් අකුරෙන් ලියවිය යුතු ඉතිහාසයයි.
මෙය ඒ කුරිරු පලිගැනීමේ සොඳුරු අතුරුපලයකි.
ReplyDeleteසාමාන්‍යයෙන් නම් තියෙන්නේ ස්ටුඩියෝවලින් ගත් ඡායාරූප එකක් හෝ දෙකක් පමණක් නොවැ?
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ මට....
ReplyDeleteඅර තාත්තා පත්තරේ කියවන අතරේ පස්සෙන් හිටගෙන ඉන්න පොඩි උන් තුන් දෙනා දැක්කම නොදැනිම කඳුළු ආවා... හැමදාම මේ සටහන් කියවනකොට උගුරේ හිරවෙන ගුලිය, අද වෙනදටත් වඩා වේදනාකාරීයි...
මට අර පුලිට්සර් සම්මානය දිනා ගත්ත ඡායාරෑප කීපය මතක් උනා... පින්තූරය පිටුපස තියෙන අනුවේදනීය කතාව.. අකුරු පේළි කීපය නැති උනත් දැනෙනවා..
මොනවද ඉන්දරේ අයියේ මං අද කියන්නේ..?
ReplyDeleteමේ පොටොත් එක්කලා සර්ගේ පොතේ පටුනෙ තිබුනු “මේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම හෝ ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි“ කියන විස්තරය කටපාඩම් වෙන තුරු කියෙව්වා ඒ කාලේ.!
ReplyDeleteතව එකක් අහන්නම්. පින්තුර අල්ලන හංදද මේ ගෙදරටත් උඩකෑලී ඇඳගෙන ඉන්නෙ..... නැත්තම් කොහොමත් උඩකෑලි ඇඳගෙන හිටියද පොඩි කාලේ?
කොහොම දුෂ්කර ජීවිතයක්ද අප්පා මේ ගෙවලා තියෙන්නේ.... මට හිතාගන්න බෑ කොහොම මේ ජීවිතේ ගෙව්වද කියලා මිල කරන්න බැරි තරම් වටින ඡායාරූප ගොන්නක්....
ReplyDeleteසුභ නව වසරක් වේවා සර්
මාත් මේ කල්පනා කරන්නේ මොනවද කියන්නේ කියල . අපේ වචන මේ පින්තුර තරම් වටින්නේ නැති නිසා
ReplyDelete= වෙනස් කල නොහැකි ඉතිහාසය පමනක් නොව වෙනස් නොකල යුතු ඉතිහාසයයියි ඒ... ගයාන්
ReplyDeleteඅතීතය අනාගතයට ස්ථාවර වනුයේ, සිත්තර පරිකල්පනය තුළින්ම පමනි.මෙම පින්තූර පෙළ ද කියාපනුයේ එම සත්‍යමය.
ReplyDeleteGreat !!
ReplyDeleteවචනයෙන් කියා නිම කළ නොහැකි පිංතූර පෙළක්.
ReplyDeleteඔය සෘණ පලක මෙච්චරකල් ආරක්ෂා වෙලා තිබ්බ එක පුදුමයි.
මේක තමයි මගේ කතාවේ සුපිරිම පරිච්ඡේදය.... එය එතරම්ම අනභිභවනීයයි..
ReplyDelete....//මේ තිබෙන්නේ කිසිවකුට කිසියම් ම හෝ ලෙසින් වෙනස් කළ නොහැකි වූ අපේ ඉතිහාසයයි...!!!//....
ReplyDeleteමේ තිබෙන්නේ ඉතිහාසය විසින් වෙනස් කල වර්තමානයයි...!!! මේ අත්දැකීම් ඔබේ දිවියට මනා පිටිවහලක් වෙන්න ඇති. දුවිලි පොදක් පයට නොපාගා හැදෙන සීනි බෝල දරුවන්ගේත් මේ දරුවන්ගේත් වෙනස එයයි.
මේ පුවත්පත් කලාවේදියා නිසාද ඔබ හා පාලිත මේ ක්ෂේත්රයේ ඉන්නේ?
රාවයේ තිබු ඔබේ සහෝදරයාගේ ලිපියද කියවුවෙමි
ReplyDelete"සාපැටවුන් හස්ති රාජයන් කරන්නට ජීවිතය හා පොර බැදි අපූරු පියෙකුගේ රන් අකුරෙන් ලියවිය යුතු ඉතිහාසයයි".
ReplyDeleteමට මගේ තත මත්ක් උනා මේ කතාවට ඇත්තටම ඩැන් ඉන්නවද ඒ වගේ තාත්තල ඉතාම සුලු ප්‍රමානයි
http://moneyhuntingtip.blogspot.com/
I should quiet , and let the snaps to speak.
ReplyDelete"If you born poor its not your mistake but if you die poor its your mistake"
ReplyDeleteඅද ඔබ "ඉතා පොහොසතකු" නිසා විනා නැතිනම් මේ පින්තූරවල කිසි වටිනාකමක් නැතිව යනට ඉඩ තිබිනි.
කියවූවෙමි
ReplyDeleteනැරඹූවෙමි
ගොළු වූයෙමි
හද පුරවන්
නික්මෙන්නෙමි.........
යකඩ පන්නරය ලබන්නේ යම් සේද..
ReplyDeleteඔබත් මින් ලැබූ පන්නරය..ජීවිතයට මහඟු දායාදයක් වන්නට ඇති.
හැමදාමත් මගේ කතාව අහන්න එකතු වන ඔබලා සැවොම මට ලොකු ශක්තියක්..
ReplyDeleteඉඩ හසරක් ලැබුණු ගමන් ම ලියන්න පටන් ගන්නවා ඉතිරි ටිකත්..!
MATA TERUM GANNA BARI RANIL Wickramasinha and UNP ekata kade yana harak ralata UNP eke aparada penne natte aie kiyala
ReplyDeleteOld is gold......!!!!
ReplyDeleteOld is gold......!!!!
ReplyDeletemage podu un dennawa mathak wenawa.... me wage dewal asuma dakkama unta thiyena aadararya thawathawath vadi wenawa
ReplyDelete