Tuesday, January 19, 2010

01 - මගේ තාත්තා.


මා උපන්නේ අම්බලන්ගොඩ නගරයේ ගාලු පාර අද්දර තිබුණු නර්සිං හෝම් එකක ය. කලෙකට පෙර එය තිබුණු බවක් වට මතක වුව ද අද එය එතැන තිබෙනවාදැයි මට නිච්චියක් නැත. තාත්තාගේ ගම වන හික්කඩුවේ බද්දෙගමටත්, අම්මාගේ ගම වන තිරාණගමටත් ළඟ ම තිබුණු පහසුකම් සහිත එක ම ස්ථානය එය විය හැකි ය.

මා උපත ලැබුවේ සිංහල සහ ගණිත ගුරුවරයකු වන තේනුවර ගුණතිලකගේත්, ඉංග්‍රීසි ගුරුවරියක වන ජයසීලි ද සිල්වාගේත් තුන්වන දරුවා හැටියට ය. ඒ පවුලේ වැඩිමහල් දරුවා වූයේ රෝහණ ගුප්තදේව ය. දෙවැන්නා වූයේ අතුල චන්ද්‍රගුප්ත ය. තුන්වැන්නා වූයේ උපුල් ඉන්ද්‍රනාථ වන මම ය. ගලපටල හෙවත් ඩිප්තීරියා රෝගයට ගොදුරු ව රෝහණ අයියා මිය පරළොව ගියෙන් මම පවුලේ දෙවැනියා වීමි. අප ඔහු ගැන දන්නේ නාම මාත්‍රික ව පමණි.

අපගේ මහගෙදර හඳුන්වන ලද්දේ මුහන්දිරම් ගෙදර නමිනි. එය පිහිටා තිබුනේ බද්දෙගම පාසැල ළඟයැයි තාත්තා කියා ඇත. වරක් අප මහ ගෙදර තිබෙන ඉසව්ව සොයා ගිය ද කිසිවෙක් ඒ ගැන විස්තර නොකිව්වේ අප අයිතිවාසිකම් සොයා පැමිණියා යැයි සිතා විය යුතු ය. තාත්තා ද සමග මහගෙදර සොයා යන්නට හැම පහසුකමක් ම තිබුණ ද, අප මෙන් ම තාත්තාගේත් අල්ප වූ කැමැත්ත නිසා එය අප'තින් මග හැරී ගියේ ය.

එකළ දැඩි කොමියුනිස්ට් වාදියකු වූ අප තාත්තා, ගමට අල්ලපු රජ්ගම ආසනය සඳහා ගම් සභාවට තරග කළ බව බොහෝ කළකට පෙර තාත්තා මහත් ආඩම්බරයෙන් පාරම් බානු අප අසා සිටියේ මහත් කැමැත්තෙනි. වාසනාවකට තාත්තා ඒ මැතිවරණය ජයග්‍රහණය කර තිබුණේ නැත. එසේ වූවා නම් මගේ කතාව මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

අතිදක්ෂ චිත්‍ර ශිල්පියකු වූ තාත්තා කොළඹ පිටකොටුවේ ටෙක්නිකල් කොලීජීයෙන් චිත්‍ර විෂයය පිළිබඳ ව වැඩි දුර අධ්‍යාපනයක් ද ලැබූවෙකි. විවාහයට පෙර තරුණ සන්දියේ දී අපේ තාත්තා සංගීතය හදාරන්නට ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට ඈතුළත් වූ අතර, තාත්තාගේ බැචාලන් වූයේ අද අප හොඳින් ම දන්නා විශිෂ්ටත ම සංගීතඥයකු වූ අනිල් මිහිරිපැන්න සහ නර්තන ශිල්පියකු වූ බැසිල් මිහිරිපැන්න දෙබෑයන් ය. එවකට රැකියාවක නිරත වූ තාත්තාගේ අයියා හෙවත් අපේ ලොකු තාත්තා නිසි කළට මුදල් නොඑවීම ගැන උරණ ව තාත්තා ඉන්දියාව හැර පියා යලි ලංකාවට පැමිණියේ ය. මුදල් ඉල්ලා තාත්තා ලොකු තාත්තාට එවූ ලිපිය, තාත්තා ලංකාවටත් පැමිණි පසු ගෙදරට ලැබී තිබුණි. ලිපිනයේ සිලෝන් යනුවෙන් ලියන්නට අමතක වූ නිසා ඒ ලියුම ලෝකය පුරා ම විවිධ රටවලට ගොස් යළි ලංකාවට ම පැමිණ තිබුණේ සදානුස්මරණිය තැපැල් සීල් අටෝරාස්යක් සමග බව තාත්තා අපට කීවේ එවකට තැපැල් සේවයේ විශිෂ්ටත්වය ද ගැන ආඩම්බර වෙමිනි. තාත්තා භාත්කණ්ඩේ අධ්‍යාපනය හැරපියා යලි ලංකාවට පැමිණියෙන් මගේ කතාව යළි වෙනස් විය.

ඉලන්දාරි කාලයේ අපේ තාත්තා අතිශය හැඩ කාරයෙකු විය. ඈන්දේ ජාතික ඈඳුම ය. විශ්‍රාම යනතෙක් ම කළේ එක ම රැකියාවක් පමණි. ඒ ගුරු වෘත්තියයි. මා දන්නා කාලයේ සිට ම අපේ තාත්තා විදුහල්පතිවරයෙකි. මුල් කාලයේ අප හැම ඉගෙන ගත්තේ ද තාත්තාගේ යටතේ වූ විදුහල්වල ය. තාත්තාගේ තාත්තා හෙවත් අපේ සීයා උස, කෙට්ටු හාදයකු වූ අතර, රිදී රත්තරනෙන් සුකුරුත්තම් වැඩ කළ දකෂ කලා කාරයකු බව මම අසා ඈත්තෙමි. ඒ සීයාගේ උසින් බාගයක් වූ තාත්තාගේ අම්මා හෙවත් අපේ ආච්චීගේ උණුසුම අපි බොහෝ කාලයක් විඳ ඈත්තෙමු.

අල්ලපු ගමේ වුව ද, තාත්තාට අම්මා හමු වී ඈත්තේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී ය. තාත්තා මෙන් නොව අපේ අම්මා හරි ම කලු ය. ගැහැණු ම හය දෙනෙකු වූ පවුලේ පස්වැනියා අම්මා ය. එයිනුත් තුන් දෙනෙක් ම ගුරුවරියන් ය. තාත්තාත් අම්මාත් විවාහ වූ පුවත තාත්තාගේත්, අම්මාගේත් නෑදෑ පරපුර දැනගෙන ඈත්තේ පත්තරයක තිබූ දැන්වීමකිනි. අ​පේ තාත්තා එහෙම රැඩිකල් පොරක් වීම ගැන අපට ඈත්තේ අසීමිත සන්තුෂ්ටියකි.
Share/Bookmark

14 comments:

  1. නියමයි අයියේ නියමයි . . . හරිම ලස්සනට ලියලා තියෙනවා . . . මේ වගේ ශෛලියල්කින් ලියන ලිපි වගයක් මම දැකලා තියෙනව හරියටම නිච්චි නෑ කාගෙද කියලා . . මොනා වුනත් ඒක හරිම හිතට දැනෙන විදිහට තියෙනවා . . පොඩි වැරඩීමක් තිබුනා එක තැනක . . ඒ ඇරුනාම පෝස්ට් එක උපරිමයි . . . බොහෝම සතුටුයි ඒ වගෙම ආඩම්බරයි . . අයියා වගේ ලොකු මහත්තයෙක් මේ මම වගේ පොඩි එකෙකුට අයියගේ බ්ලොග් අඩවියේ පලමු ලිපිය කියවන්න ඉඩ ලබා දීම ගැන . .

    "ඔබගේ අලුත් ම බ්ලොග් අඩවිය දැක මට ද බ්ගලාග් එකක් ලියන්නට සිතුනු බව "

    අයියා මේ කියන්නේ දුකා බ්ලොග් එක ගැන නේද . . .??

    අයියගේ දිගු ලේඛන දිවිය තව තවත් එකළු වේවායි මම ඉත සිතින් ප්රාර්ථනා කරමි . ..

    ReplyDelete
  2. නියමයි. හැමදාම කියවන ඒකාකාර බ්ලොග් අතරේ, සෑබෑ වෙනස් ආරක ලිපි පෙලක්. මොකක්දෝ සමීප කමක් මේ ලිපිවල තියනවා. ඒක ලියන ආකාරයේද නැත්නම් අන්තර්ගතය නිසාද මන්දා? දිගටම ලියන්න. ස්තුතියි.

    ReplyDelete
  3. අතීතයට පියමන් කරන ඔබේ මතකය අප හා බෙදා ගැනීම ගැන තුති............
    එසේම ඔබේ ලේඛන දිවියට මගේ සුභ පැතුම්.

    කතාවේ ඉතුරු ටික කියවන කට්ටියගේ list එකට මාවත් දා ගන්න............. :) :) :)

    ReplyDelete
  4. ටී. බී ඉලංගරත්නයන්ගේ ශෛලිය සිහියට නැගේ. ආසාවෙන් කියවමි.

    ReplyDelete
  5. Bohooma ageyi. Harima rasawath. Hada pathlatama danee. Onna ehenam mamath obe rasikaaviyak una.

    ReplyDelete
  6. අපූරු ​ශෛලියක්...

    - සරසි ජයසේකර -

    ReplyDelete
  7. අද නොවැ දන්නෙ ඉන්ද්‍රනාථ අයියණ්ඩිත් බ්ලොගයක් ලියන බව... කොටස් 23ක්ම මග ඇරිල... :/..ඔක්කොම එක හුස්මට කියවන්ට පටන් ගත්තා ඔන්න... සුබ පැතුම් අයියණ්ඩී.... :))

    ReplyDelete
  8. ඔන්න අද තමයි මම ඔබතුමාගේ බ්ලොගයට පයගැහුවේ . .
    අපූරුයි . පළවෙනි කොටස කියෙව්වට පස්සේ ඊලග කොටසට යනකන් මට සිහි නෑ . ඒත් මේක කියලාම යන්න ඕනේ කියලා හිතුනා . ඈත්තෙන්ම මේ ඇරඹුමෙන් මට ඉතිරිය නොඉවසිල්ලෙන් කියවන්නත් , නැවත වරක් මඩොල් දූව කියවන්නත් හිතට පුදූම ආසාවක් ඇතිවුණා . සුභ පැතුම් . . .

    ReplyDelete
  9. මටත් අහම්බෙන් අද තමයි මේක ඇස ගැටුනේ . කියවන්න පටන් ගත්තට පස්සේ කියවන එක නතර කිරීමක් ගැන හිතට වගක්වත් නෑ කියලයි හිතෙන්නේ . ඒ තරමටම අපූරුවට ඔබ ලියලා .

    ReplyDelete
  10. ඇඟට පතට නොදැනී අපූරුවට හැසිරවූ භාෂාව තුල ගලා හැලුන කතාව ඊටත් වඩා සොඳුරුය..........

    ReplyDelete
  11. අමුතුම අතිත කතාවක්..
    මට කතාව මැවිලා පේනවා වගේ.

    ReplyDelete
  12. අපට උරුම ආකල්ප(attitudes) නැවත නගාසිටුවීම,අවදි කිරීම හා සංවර්ධනය යුගයේ අවශ්ය්තාවක් වැනිය. ඔබේ ලිපි පෙල ද ඒ යුග මෙහෙවරට උරදෙන්නක් වැනිය. කිසිවකු නොසිතූ ආරකින් ලියැවෙන මේ ලිපි පෙළ මට දක්නට ලැබුණේ අහම්බෙනි. ඔබ වැනි අලුත් කෝණවලින් ජීවිතය දෙස බලන තරුණ පෙළක් පහළවෙමින් සිටීම ජාතියේ වාසනාවකි. ඔවුනට අත දෙමින් සිංහල බ්ලොග් කියවනය මෙවැනි සටහන් එක් තැනකට ගොනු කරමින් කරන්නේද මහා මෙවෙරකි. ඔබට ගොඩක් ස්තුතියි. තවතවත් ලියවේවා!

    ReplyDelete
  13. @ Mpp Gunasinghe

    //....ඔබ වැනි අලුත් කෝණවලින් ජීවිතය දෙස බලන තරුණ පෙළක් පහළවෙමින් සිටීම ජාතියේ වාසනාවකි....//

    මේ ලිපි පෙළ ලියන්නේ ඉන්ද්‍රනාථ තේනුවර බව ඔබ දන්නවාද ??

    ReplyDelete
  14. Good to get to know you mate.....thank you for sharing....keep in touch....

    ReplyDelete