Monday, January 25, 2010

03 - අපේ ඇත්තන්නේ විස්තර


මා අපේ ඈත්තන්ය කීවේ එක බඩවැල කඩාගෙන ආ මගේ සහෝදර සහෝදරියන්ට ය. මියගිය රෝහණ අයියා හැරුණුකොට අපේ සමූහයා සාමාජිකයන් හයකින් සමන්විත ය.

මගේ වැඩිමහල් සහෝදරයා වන අතුල චන්ද්‍රගුප්ත තේනුවර අපේ පවුලේ පමණක් නොව සනුහරේ ම සිටිනා විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වෙයි. මා දන්නා පමණින් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍ර විෂයයෙහි සිටින ඉහළ ම උපාධිධරයා ද වන්නේ ය. ඔහු අඳිනා එක් ඉරක් අඳින්නට මට තව අවුරුදු විසිපහක්වත් නොකඩවා සතත අභ්‍යාසයේ යෙදිය යුතුයැයි මම තරයේ විශ්වාස කරමි. අයියා ද මා මෙන් ම තර්ස්ටන් මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලද අතර, ඉනික්බිති කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ තිබුණු හේවුඩ් කලායතනය විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය වූ පසු එහි පළමු ශීෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් විය. අයියා සිය ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණය පැවැත්වූයේ කොළඹ ගෝල්ෆේස් හි තිබුණු සමූද්‍රා හෝටල ශාලාවේ ය. ඒ 1976 වසර විය යුතු ය. ලාංකික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කොට, උපාධිය ලැබ, ඉනික්බිති එවකට සෝවියට් රුසියාවෙන් පිරිනමන ශිෂ්‍යත්වයක් ලැබ, අයියා වැඩි දුර අධ්‍යාපනය ලබන්නට රුසියාවට ගියේ ය. ඔහු වසර දහ පහලොවක් ම වාසය කළේ රුසියාවේ ය. අදටත් ඔහු රුසියන් පුරවැසි භාවය ලද්දෙකි. රුසියාවට අමතර ව එංගලන්තය, ජපානය ඈතුළු රටවල් ගණනාවක චිත්‍ර ප්‍රදර්ශන පැවැත් වූ අයියා මෑත භාගයේ දී බැරල්වාදය Barrelism නම් ඔහුගේ ම මතවාදයක සිටිමින්, ඊට සමගාමී ව චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් ම පැවැත්වීය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානියකුද වන ඔහු, එහි ජ්‍යේෂ්ට කථිකාචාරයවරයකු ද වෙයි. ඊටත් අමතර ව අපේ අයියා ​මොරටුව ඇතුලු විශ්ව විද්‍යාල ගණනාවක ම බාහිර කථිකාචාර්යවර​යකු ද වන අතර, විභවි ලලිත කලා ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ද වෙයි.
මට වඩා අවුරුද්දකින් පමණ වැඩිමහල් වුව ද, අපේ පවුලේ සාමුහික වගකීම්හි දී අයියාගේ තීරණය අපි තර්කයකින් තොර ව ඉස් මුදුනින් පිළිගන්නේ ඇයි දැයි කියන්නට අප නොදන්නේ වුව ද, තාත්තා පවා අයියාගේ තීරණයනට එරෙහි ව තර්ක කරන්නට යන්නේ නැත. එසේ වුව ද අපි ඉතා ම ස්වාධීන ව අපගේ අඹුවන් තෝරා ගත් අතර, අයියා ද විවාහ වූයේ අපට නොකියා ය. මගේත් ලොකු නංගීගේත් විවාහයන් හැර අනෙකුත් සියලු ම දෙනා විවාහ වූ වග අනෙකුත් සාමාජිකයන් දැන ගත්තේ බොහෝ විට පමා වෙලා ය. ඒ අප සැවොම අතිශය ස්වාධීන වූ නිසාවෙනි. කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය නම් රාජ්‍යනොවන සංවිධානයේ සම අධ්‍යක්ෂිකාවක වන කුමුදුනී සැමුවෙල් හෙවත් අපේ කුමී සමග විවාහ වී සිටින අයියාගේ එක ම පුත්‍රයා වන්නේ ක්‍රිස්ටෝපර් තයාලන් චාරුදත්ත තේනුවර ය.

දැන් අප පවුලේ දෙවැන්නා වන්නේ උපුල් ඉන්ද්‍රනාථ තේනුවර වන මම ය. තර්ස්ටන් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 1979 වසරේ ඔක්තෝබර් 04 දින මම ගුරුවරයකු ලෙස කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා මහා විද්‍යාලයට පත්වීමක් ලදිමි. ඊට පෙර මම ලේක් හවුසියේ යොවුන් ජනතා පුවත්පතේ නිදහස් චිත්‍ර සහ අක්ෂර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියෙමි. මම මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී මා වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහිත්‍ය තරගයක දී ද රචනා අංශයෙන් අම්පාර දිස්ත්‍රක්කයේ දක්ෂතම රචකයා වීමි..!! ඈඩවර්ටයිසින් ආයතනයක ප්‍රධාන සැලසුම් ශිල්පියකු ලෙස ද, ජාතික තලයේ පුවත්පත් ගණනාවක රූ රටා සංස්කාරක සහ ප්‍රධාන ඡායාරූප ශිල්පී ලෙස ද, සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ ක්ෂේත්‍රයේ විප්ලවකාරයකු ලෙස ද, පරිගණකාශ්‍රිත ප්‍රතිරූප සංස්කරණ ශිල්පයේ සිවිල් වැසියකු ලෙස ද ආදී රැකියාවන් ගණනාවක් ම පසු කොට ඇත්තෙමි. යන්තම් බලි කුරුට්ටක් ඈඳ ගන්නට හැකි වීම ද, ලියන දෙයක් තව කෙනෙකුන්ට තේරුම් ගත හැකි සරල ලෙස ලියන්නට ඇති හැකියාව ද මා ලැබූ හේතු වාසනාවක් යැයි මම සිතමි. කළකට පෙර බටුවන්දර ලක්ෂ්මී අබේරත්න නමින් ප්‍රකට කිවිඳිය මගේ ප්‍රියාම්භිකාව වන අතර, අද ඇය ජනශක්ති රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ට සහකාර කළමණාකාරිණියක ලෙස රැකියාව කරන්නී ය. මගේ වැඩිමල් දියණි ප්‍රනිධි නවෝදා, මෝස්තර සැලසුම් ශිල්පයට ප්‍රමුඛත්වය දෙමින් කොළඹ, නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඇඟලුම් තාක්ෂණ උපාධිය හදාරමින් සිටින්නීය. (අද ඈ නවසීලන්තයේ පදිංචිකාරියක වන අතර ම, මෝස්තර සම්පාදනය සඳහා M.des උපාධිය ද සම්පූර්ණ කර සිටින්නී ය.) පරිගණකයට මහත්සේ ඇලුම් කරන මගේ පුත්‍රයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ උසස් පෙළ හදාරන බව මගේ අදහසයි. !! (අද ඔහු මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල තොරතුරු තාක්ෂණ උපාධිය ලැබ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙසින් සේවය කරයි..)

අපේ සාමාජික නාමලේඛනයේ තුන් වැන්නා පාලිත නන්දදේව තේනුවර ය. ලංකාවේ වේදිකාව දිග් විජය කළ නාට්‍ය රැසක වේදිකා පරිපාලකයකු වූ පාලිත මල්ලී කලකට පෙර තිබුනු යුක්තිය නම් විකල්ප පුවත්පතේ රූ රටා සංස්කාරකයකු වූ අතර, අද ලේක් හවුස් ආයතනයේ පරිගණකාශ්‍රිත සංස්කරණ ශිල්පියකු ලෙස සේවය කරයි. අපේ පවුලේ නිශ්ශබද ම චරිතය වන්නේ ඔහු ය. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ යුග පුරුෂයකු වූ සුගතපාල ද සිල්වා කලා කරුවාණන්ගේ බාල, එක ම දියණි වනමලී හා විවාපත් ඔහු මෙවිඳු පූර්ණජිත් ගලප්පත්ති තේනුවරගේ ආදරණීය පියාණන් වෙයි.

අපේ හතරවැනි සාමාජිකාව වන්නේ ලොක්කී හෙවත් මගේ ලොකු නංගී වන රේනුකා ශ්‍රියානි තේනුවර ය. ඇය රූප සොබාවෙන් අපේ අම්මාට අතිශය සමීප ය. ඔරවන්නේ ද එසේ ම ය. වෘත්තියෙන් ඇඳුම් මැසීම ද, සාරි වැඩ දැමීම ද කරන ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ බාල මළණුවන් වූ සමන් සමග ය. ඔහු වෘත්තියෙන් සුදුයකඩ අනුසාරයෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදකවරයෙකි. මගේ එක ම ලේලිය වන නිලූකා කෞශල්‍යා වනිගරත්න ඇගේ දියණිය වන අතර ඈ මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ අංශයේ, මෝස්තර නිර්මාණ විශේෂවේදී උපාධියේ අවසන් වසර පසු කර ඇගේ ම මෝස්තර නිර්මාණ සැලසුම් ඇකඩමියක් ව්‍පවත්වාගෙන යන්නී ය. . ලොකු නංගීගේ පුත්‍රයා අකිල සබුද්ධි වනිගරත්න ද එම අංශයේ ම චලන ප්‍රතිරූප විශේෂවේදී උපාධිය ලැබ, හිරු රූපවාහිනී නාලිකාවේ සජීවිකරණ අංශ ප්‍රධානී ලෙසින් සේවය කරන්නේ ය.

අපේ නාමාවලියේ පස්වැන්නී පොඩ්ඩී ය. නමින් ඈ මෙනකා ප්‍රියානි තේනුවර ය. ගෘහණියක වන ඇගේ වැඩිමල් පුත්‍රයා ජෙරොම් හිටපු හමුදා සොල්දාදුවෙකි. බාලයා ප්‍රගීෂ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ නවවන වසරේ ශිෂ්‍යයෙකි.

අපේ පවුලේ බඩ පිස්සා වන්නේ අමර විශ්වනාථ තේනුවර ය. සුව කළ නොහෙන රුදුරු හෘදයාබාධයකින් පෙලෙයි. කළක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිශ්චල ඡායාරූප ශිල්පියකු ලෙස "නිශ්ඵල" ව්‍යායාමයක යෙදුනේ ය. එවැනි අවස්ථාවක අනුරාධපුරයේ දී ඇති කර ගත් දැන හඳුනා ගැනීමකින් පසු මයුරී සමග විවාහ විය. දැන් ඔහුට දරු තුන් දෙනෙකි. සංගීත් නිපුන් සනත් නන්දසිරි ශිල්පියාණන්ගේ ශිෂ්‍යයකු වූ මල්ලී වැඩි දුර සංගීතය හැදෑරුවේ නැතිව වුව ද, විවිධ සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකි. ආලේඛ්‍ය ඡායාරූපකරණයේ දී විශේෂ දස්කම් ප්‍රකට කරන ඔහු මින්ලෝ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ව සිටි අතර, ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ​​ෆොන්සේකා මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් අපගේ ගර්හාවට ද පාත්‍ර වූවෙකි.

Share/Bookmark

12 comments:

  1. Thenuwara Aiya
    Oyata hondata liyannath puluwan neda? Weidiya Anam manam nethiwa Lassanata liyanawa. Awankawa liyanna. Mama kemathi oba wage pirimi Sithaka athiwena Awanka Hengim gena kiyawanna. Pirimi sith welawakata Harima sundarai... Obata Jaya ...
    Wath/sondurusitha

    ReplyDelete
  2. පවුලේ අය ගැන නියමෙට හඳුන්වලා තියනවා...............

    ReplyDelete
  3. ඇත්තෙන්ම අයියගේ ලිවීමේ හැකියව ඉතාම ඉහලයි.

    "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ" කියන එක බොරුවක් කරපු තවත් කෙනෙක් කියලා අයියව හඳුන්වන්න පුලුවන් . . .

    ReplyDelete
  4. "ඔහු අඳිනා එක් ඉරක් අඳින්නට මට තව අවුරුදු විසිපහක්වත් නොකඩවා සතත අභ්‍යාසයේ යෙදිය යුතුයැයි මම තරයේ විශ්වාස කරමි."
    චන්ද්‍රගුප්තයන්ගේ වටිනාකම අගය කිරීමට මේ වචන ඉතා සුදුසු මුත් ඉතා මදිය......මටනම් ඔහුගේ සමකළ නොහැකි හැකියාවටත් වඩා වටින්නේ ලෝකයට ආදරය කරන ඔහුගේ පිරිපුන් හදවතය............

    සිතුමිණි....

    ReplyDelete
  5. Oba bohoma awankayek see hange.....

    ReplyDelete
  6. චන්ද්‍ර ගුප්ත යනු අති විශිශ්ඨයෙකි. මා කුඩා කල සිටම ආදරය කරන මගේ ගුරු තුමෙකි.
    වාස්තු විද්‍යාවට ඔබේ ඇති වක්‍ර සම්බන්දය ද මසිත් පැහැර ගත්ත්කි.
    අලන්කාරයි........

    ෂාමික..

    ReplyDelete
  7. Sachin Jayanetti9:39pm Apr 15th
    Subject: a personal note
    පහත තියන කමෙන්ටුව ඔබේ මගේ කතාව යටතේ චන්ද්‍රගුප්ත ගැන ඇති සටහන යටින් අමුණන්න හැදුව. ඒත් මට තේරුමක් නැහැ. සුදුසුනම් පමණක් අමුණන්න.
    සචින්

    මේක personal note එකක් අවුරුදු විසිපහකටත් එහා. දවසක් දිගා අය්යා (නිශ්ශංක දිද්දෙණිය) විජේ අය්යල දිහා ඇවිත් වසන්ති අක්කට මෙහෙම කිව්වා "අපේ බෝඩිමේ ඉන්නවා පොඩි කොල්ලෙක්. උදේ ඉඳන් රෑ වෙනකම් ඇල්වතුර බිබී චිත්‍ර අඳිනවා. කන්න බොන්න වත් යන්නේ නැතිව. වසන්ති මං මෙහෙ එක්ක එන්නද? අඩු ගානේ ඌට වෙලාවට කන්න දෙන්නවත් වසන්තිට පුළුවන්." විජේ අය්යට පොළොන්නරුවෙන් හාල් එන නිසාත්, ගේ වටේටම අවුරුද්ද පුරා පලගන්න කොස් ගස් තිබුන නිසාත්, වසන්ති අක්ක නැහැ බැහැ නොකිය එන තරමකට කන්න තම්බල දෙන නිසාත් එයින් පස්සේ මටත් (මං එතකොට ආයුර්වේදේ ඉගෙන ගන්නවා ) තේනුවරටත් (චන්ද්‍ර ගුප්ත) විජේ අය්යල ගෙදරදී හමුවෙන්න අවස්ථාව ලැබුන. දවසක් තේනුවර හීන්දෑරි කන්නාඩි දාපු කොල්ලෙක් එක්ක ඇවිත් තිබුනා. මං වසන්ති අක්කාගෙන් ඇහුව ඒ කවුද කියල. "මේ තේනුවරගේ මල්ලි. එයටත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් ලු." ඒත් ඒ පොඩි කොල්ලට ඉන්ද්‍රනාතට වගේ ලොකු බඩක් තිබුනේ නැහැ.

    ReplyDelete
  8. සර් පළමුවෙනි ගුරැපත්වීම ලබනකොට මගේ වයස හරියටම මාසයයි දවස් 10යි..:D

    ReplyDelete
  9. ඔබගේ අව්‍යාජ සටහන් මුල සිටම මහත් ආසාවෙන් කියවමින් ..

    ReplyDelete
  10. අව්‍යාජ සහෝදරයන් පිරිසක් පිළිබද අව්‍යාජ වූ හිතක් ඇති අව්‍යාජ මිනිසෙකු තැබූ සටහන ආශාවෙන් කියවීමි. මෙවැනි කථා බහක බ්ලොග් අවකාශය තුල වැඩි වැඩියෙන් නිරත වන්නට අවකාශ ලැබෙන්නට පතමි.

    ReplyDelete
  11. තේනු කියන්නේ මගේ හොඳ යාළුවෙක් නේ. මේ පාර එංගලන්තේ ආපු වෙලේ අපේ ගෙදරත් ආව. මම එයාව එක්කන් ගියා දේශනයක් කරන්නත් බැරලිස්ම් ගැන මෙහෙ. ඒ කියන්නේ ඔයා තේනුගේ ලොකු මල්ලි. (එයා එක්ක එකට රුසියාවේ හිටියේ.)

    ReplyDelete
  12. සතුටුඉ වගේම දුකකි ආඩම්බරඉ ගුරු තුමානෙනී , මමද 1980 සාන්ත ලුසියාවේ සා පෙල සිසුවෙක්............ඔබට ජය.......ඔබෙන් තවත් උගෙන ගන්න ආයෙත් පාසල් යන්න තිබුනානම්.........ray ingram st lucias 1980

    ReplyDelete