
පාසැල් වැඩ කටයුතු නිමවා අප ගුරු නිවාසය හෙවත් ක්වාටස් වෙත පැමිණියේ පා ගමණිනි. ඉඳ හිට ලොකු තාත්තාගේ කළුපාට මයිනර් කාරය අපේ ගෙදර තිබෙනු මට මතක ය. ලොකු තාත්තාට කාරයක් තිබුණාට හොඳට එලවන්නට බැරි ය.. තාත්තාට කාරයක් නොතිබුණාට හොඳට වාහන එලවන්නට හැකි ය.. මේ මයිනර් කාරය අපේ ගෙදර තිබෙන විට අපේ හැම ගමනක් ම සිදු වන්නේ කාරයෙනි.
කොටින් ම නළ ජල පහසුකම් තිබුණත් ක්වාටස්වල පිටු පස ළිඳ ළඟට අප මුහුණ සෝදන්නට යන්නේ ද කාරයෙනි..!! ළිඳ ළඟට ගිය පසු තාත්තා අපට දත් මදින්නට දත් කුඩු බෙදා දෙයි.. අල්ලක් තරම වූ ගුරු පාට පැකැට්ටුවේ රතු පාටින් "ගෝපාල් ගේ දත් මදින කුඩු" යන වගන්තිය එකළ ද අපට කියවන්නට හැකියාව තිබිණ. මේ පැකැට්ටුව තුළ වූ රෝස පාට කුඩ හරි ම රස ය. දත් මදිනවාට වඩා අප කළේ එය රස විඳීම ය. තාත්තා අපට දත් මදින ආකාරය කියා දෙයි. අහළ පහළ ගසකින් කුඩා කෝටුවක් කඩා ගෙන එහි කෙළවර හපා, තලා අපට බුරුසු තනා දෙයි. අප එයින් ද දත් මදින්නෙමු. අවසන කටට වතුර ගෙන සෝදා දත් අතරින් තද හුළං පාරක් අදින්නෙමු. එවිට කටට මාර සිසිලසක් දැනෙයි.. ඉන් පසු දත් කුඩු රහිත ඇඟිල්ල අපි තදින් දත් මත අතුල්ලන්නෙමු. එවිට පිරිසිදු වීදුරුවක් මත ඈතිල්ලුවාක් වැනි හඬක් මතු වෙයි. මේ හඬ අසන්නට අප ඉතා ම කැමති ය. එවිට අපට සිතෙන්නේ අප දත් ඉතා පිරිසිදු ය කියා යි.
ගුරු නිවාසයේ කෙළවරක විශාල නාන කාමරයක් තිබුනේ ය. එහි එක් කොටසක් වඩා උසට සාදා එහි වැසිකිළි පෝච්චිය (වළ වැසිකිළිය) සවි කර තිබිණි. වැසිකිළි පහසුකම් තිබුණ ද අප බොහෝ විට කක්කා දැම්මේ මිදුලේ ය. අප සරීරකෘත්යය අවසන් කර "කක්ක දාලා ඉවරාාායි.." යනුවෙන් තාලයකට මහ හඬින් කෑ ගසන්නෙමු. එවිට අම්මා හෝ තාත්තා හෝ අප ව බලා ගන්නට සිටි අත් උදව්කාරිය හෝ පැමිණ අප ව නාන කාමරය තුළට රැගෙන යයි. ඒ අල්ල පනල්ලේ බල්ලන් පැමිණ මිදුල සුද්ද පවිත්‍ර කරන්නේ අම්මාට හෝ තාත්තාට උදව්වට යැයි මම සිතමි.
අප බොහෝ විට නෑම සඳහා නාන කාමරයට යන්නේ අම්මා සමග ය. අම්මා ඈගේ දිග කොණ්ඩය ළිහා බිම දිගේ එළා ගෙන රෙදි සෝදයි. අපි කරාමය ඈරගෙන රිසි සේ වතුරේ නටන්නෙමු. අම්මා අපුලුලන රෙදි ගෙන අඹරා ඒවා පිළිවෙලට නාන කාමරයේ දොර හරහට තබා වේලල්ක් සාදන්නෙමු. ටික වේලාවකින් අපේ යටි පතුල් වැසෙන තරමට ජල කඳක් නාන කාමරය තුළ එක් රැස් වෙයි. ඉන් පසු අපි මේ වතුරේ වැතිර ඈති පදමි සෙල්ලම් කරන්නෙමු. අම්මාගේ දිග කොණ්ඩය නයෙකු සේ වතුරේ පා කරන්නෙමු. බඩ මැද නාලාවක් සවි කළ රබර් සත්තුන්ගේ බඩට වතුර පුරවා එකිනෙකාට විද ගන්නෙමු. මේ රබර් සතුන් අතර සිටි මාලුවා මට අදත් හොඳට මතක ය. අදත් මා අඳින මාලු අතර ඌ ද කොතැනකින් හෝ මතු වී මා සමග සිනාසෙයි.
ඉඳ හිට අප ගහ මරා ගන්නේ ද මේ වතුරේ සිට ය. අම්මා රෙදි ටික යළි සෝදන්නට එක්කාසු කළ විට අප සාදා ගත් වැව අපට අහිමි වෙයි. එවිට අපගේ යුද්දය ද නිමා වෙයි. ඉඳ හිට අප නාන කාමරයෙන් පිටතට හෙලුබැල්ලෙන් ම පැමිණ බිම පෙරලෙන්නෙමු. එවිට අම්මා පැමිණ අප බඩ මැද්දෙන් අත දමා ඔසවා , උකුලට හිර කරගෙන, තට්ටමට පහරක් ගසා, නැවත වතුර පයිප්පයට අල්ලා සෝදන්නී ය. අප එවිට කකුල් දෙක ගසමින් කෑ ගසන්නෙමු...
අදටත් නාන්නට හෝ ඈඟ සෝදන්නට නාන කාමරයට ගිය විට මට අම්මා අපව ඔසවා ගෙන ගොස් සේදූ අයුරු මතක් වෙයි. බඩ මැද්දෑවෙන් ඔසවා ගෙන තට්ටමට ගහන පහර සදා කල් මිහිරක් ව මගේ මතකය පුරා සැණෙන් විසිරී පැතිරී යයි. ඒ මිහිර යළි විඳින්නට අපට නොහැක්කේ අප අද දරු මල්ලන් සිටින මහ වුන් වුනාටත් වඩා අම්මා අප අතර නැතැයි යන සිතිවිල්ල දරුණුවට දැනෙන හෙයිනි.
දුව ද, පුතා ද පුංචි සන්දියේ මම උන් ව ඔසවාගෙන නාන කාමරයට ගොස් අම්මා කළා මෙන් ම තට්ටමට පහරක් ගසා සෝදා ඈත්තෙමි. නමුත් මට මතක ඈති මේ කතාන්දරය උන්ට මතක නැත. මන්ද උන් කවදාවත් වැලි දූලි ගොඩේ නොපෙරලුණු නිසා වෙන්නට පුලුවන.....!!!!
පොඩි වුන් එක්කම බැදුන දෙයක් තමයි වතුරයි වැලියි මඩයි.... ඒත් ඒ ඉස්සර කාලෙ වෙන්න ඇති..... දැන්
ReplyDeleteහිතට දැනුන ගැහීම මෙතකැයි කියන්නට වචන පහල වන්නේ නැත. ඔබ ජීවිතය අපමනක් විඳ ඇත්තෙකු යැයි මට සිතේ.....ඔබේ කතාව කියවීමෙදී මට දැනුනේ මා නාට්‍යයක කොටසක් හෝ චිත්‍රපටියක කොටසක් තුල සිටිනවා වැනි හැගීමකි...
ReplyDeleteලියන්නාවූ විලාසය ට ඉතාම කැමැත්තෙමි....අපි කිසිඳ විඳ නොමැති ලෝකයකට මොහොතක් ගෙන ගියාට ඔබට බොහොම පින්
වතුර,වැලි,මඩකියන්නෙඉතින්ඉස්සරඅපේසම්පත්තමයි.ඒත්දැන්ළමයින්ටඑහෙමනැහැනෙ.
ReplyDeleteඅයියටබොහොමස්තූතියි.සිංහලඅකුරුටයිප්කරන්නගිහින්ව්න්දකරදරදැන්හමාරයි.Linkඑකගොඩක්ප්රයෝජනවුනා.බොහොමස්තූතියි.කතාවලියන්නප්රමාදවෙනඑකනම්......
දැන් ඉන්න එවුන්ට කොයින්ද මෙහෙම ආතල්...
ReplyDeleteහොට් වෝටර් ෂවර්.... ෂැම්පු....
අපිනම් බඩ වැටියේ රිංගලා කජු කැලේ පැනලා.. එරමිනියා කාලා
ඔන්න ඔහොමනේ....
/බිඟුවා...!
දැන් කාලේ පොඩි එවුන්ට ඔහොම පෙරලි පෙරලි ඉන්න වෙලාවක් නැහැ. පෙරලි පෙරලි ඉන්න ගියොත් එක්කෝ ටියුෂන් ක්ලාස් යන්න පරක්කු වෙනවා ඒත් නැත්නම් tv එකේ යන කාටූන් ටික බලන්න බැරි වෙනවා...............
ReplyDeleteඅයේ එන්නෙ නැතිවෙයි කිසිම පොඩි එකෙකුට එහෙම කාලයක්.... මතක් කලොත් තොල්පටවල් අල ඇදෙන්නෙ පැය ගානක හිනාවක්..
ReplyDeleteApuuru mathakayan, mihiri athdakiim maa ragena yayi maagee lamaa viyata....
ReplyDeleteනියමයි අප්පා . .. මේ කියවන්නේ තුන්වෙනි වතාවටද කොහේද . . කලින් කියෙව්වට කොමෙන්ට් කලේ නෑනේ
ReplyDeleteඅහම්බෙන් දැකලයි මමත් කියෙව්වෙ.. කොමන්ටුව ලියන්න යනකොටයි රචකයව දැක්කෙත්.. දන්නෙම නැතුව මමත් පුංචිකාලෙට ගියා වගේ දැනුන...
ReplyDeleteකතාවේ සමහර තැන වලදී මාද අතීතයට ගියෙමි..ඒ කාලෙනම් කොච්චර සුන්දරද?
ReplyDeletegreat....
ReplyDelete''මේ රබර් සතුන් අතර සිටි මාලුවා මට අදත් හොඳට මතක ය. අදත් මා අඳින මාලු අතර ඌ ද කොතැනකින් හෝ මතු වී මා සමග සිනාසෙයි.'' - මම ආසම මට හොදින්ම දැනුණු වචන පේළිය....
ReplyDelete